News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාව විසින් ගල්ෆ් රාජ්‍යයන් පාවා දී ඇති බව පැහැදිලියි- වෝල් ස්ට්‍රීට් ජර්නලය

May 7, 2026 at 08:06 AM
|

ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගත් විශේෂඥයින් පිරිසක් වෝල් ස්ට්‍රීට් ජර්නලය වෙත පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබෙන ඇමරිකානු කඳවුරු තවදුරටත් ආරක්ෂාව සහතික කිරීමේ සාධකයක් නොවන බවයි. තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ ජාත්‍යන්තර කණ්ඩායමට අනුව, වෝල් ස්ට්‍රීට් ජර්නලය පල කළ ලිපියකින් අවධාරණය  කළේ අරාබි රටවල්, විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දින දෙකකට පෙර එල්ල කළ ප්‍රහාරවලට එක්සත් ජනපද රජයෙන් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවයි.

කෙසේ වුවද තම වාර්තාවේ, වෝල් ස්ට්‍රීට් ජර්නලය ඩුබායි සහ සාජා වෙත එල්ල වූ ප්‍රහාර ඉරානයට බැර කළ අතර එමිරාටි නිලධාරීන් ද එය අනුමත කළ  නමුත් ඉරාන නිලධාරීන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාවේ මෙසේද සඳහන් වේ. “මැද පෙරදිග කළාපයේ සිටින ඇමරිකාවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉරානය මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර රැළි තුනක් දියත් කිරීමෙන් පසුව ප්‍රතිචාර නොදැක්වීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා තීරණය කරනු ලැබීය. ඔහු විසින්ම මැදිහත් වූ සටන් විරාමයෙන් මාසයකට ආසන්න කාලයකට පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.”

වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාවට අනුව, ට්‍රම්ප් යුද්ධයෙන් ඉවත් වීමට අදහස් කරනු ලබයි. ඒ අනුව ඔහු එක්සත් ජනපද කලාපීය සහචරයින්ට එරෙහිව අලුත් කරන ලද ඉරාන ප්‍රහාර නොසලකා හරිමින් සිටියි. ඒ අනුව, ටෙහෙරානයෙන් එල්ල වන පීඩනය තවදුරටත් උත්සන්න වීමෙන් අමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රතිලාභ ලබන ගල්ෆ් රාජ්‍යයන් කනස්සල්ලට පත්ව සිටිති.

වෝල් ස්ට්‍රීට් ජර්නලය තවදුරටත් අවධාරණය කළේ යුරෝපීය සහ ආසියානු රටවල් - එක්සත් ජනපද සහචරයින් සහ උපායමාර්ගික ප්‍රතිවාදීන් - තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි.

වාර්තාව තවදුරටත් මෙසේද පැවසීය: “පසුගිය පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භ වූ දා සිට, ඉරාන නිලධාරීන් බලයෙන් පහ කරන ලද ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ට ආරෝපණය කරන ලද වාක්‍ය ඛණ්ඩයක් නැවත නැවතත් පුනරුච්චාරණය කර ඇත. එනම්, ‘ඇමරිකාව මත සම්පූර්ණයෙන්ම යැපෙන පුද්ගලයින් සැබවින්ම නිරාවරණය වන අතර අනාරක්ෂිත ය-Those Who Wrap Themselves in America Are Naked.’ යන වාක්‍ය ඛන්ඩයයි. පසුගිය 4 වනදා ඉරානය මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර නැවත ආරම්භ කිරීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අනෙකුත් ගල්ෆ් රාජාණ්ඩුවල දැන් ගොඩනැගී ඇති හැඟීම නම් මුබාරක් නිවැරදි වන්නට ඇති බවයි.”

ට්‍රම්ප් 4 වනදා එල්ල වූ ප්‍රහාර “සුළු” ලෙස විස්තර කළ බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ, ප්‍රහාරය ගුවන් ගමන් වලට බාධා කළ අතර සතියේ ඉතිරි කාලය සඳහා පාසල් වසා දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජයට බල කළ බවයි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙට් 5 වනදා පැවසුවේ වොෂින්ටනයේ දෘෂ්ටිකෝණයෙන් “සටන් විරාමය නිසැකවම ක්‍රියාත්මකයි” කියාය.

"ඉරානය සටන් විරාමය බිඳ දැමීමට සූදානම් බව පෙනේ, නමුත් එක්සත් ජනපදය එසේ කිරීමට සූදානම් නැත, එබැවින් දැන් එය ඒකපාර්ශ්වික සටන් විරාමයක්" යැයි ඩුබායි පදනම් කරගත් පර්යේෂණ ආයතනයක් වන ඕ'රෝර්ක් සංවිධානයේ මැද පෙරදිග සාමාජිකයෙකු වන මෙහ්ඩි ගෝලම් පැවසීය.

ඉරාන යුද්ධය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිජිටල් ආර්ථිකය අළු බවට පත් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොටස් වෙළඳපොළ ඩොලර් බිලියන 120 ක අලාභයක් ලබා ඇති අතර වෙනත් ව්‍යාපාර වල දේපල වෙන්දේසි කරන තත්වයට ඇද වැටී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

චින්තන කේන්ද්‍රයක් වන ගල්ෆ් ජාත්‍යන්තර සංසදයේ අධ්‍යක්ෂ ඩැනී සාෆර් වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පැවසීය: පෙබරවාරි මාසයේ සිට මිසයිල සහ ඩ්‍රෝන යානා 2,838 ක ඉලක්ක වලට ලක් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් ඉරානයට පහර දීමට ගත් තීරණය නිසා නැවත වටයකින් ඉරානයේ ප්‍රහාරයට ලක්ව ඇත.

සාෆර් වැඩිදුරටත් මෙසේද පැවසීය: "ගල්ෆ් රාජ්‍යයන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට ඇමරිකාව ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදෙන අතර ඔවුන් අතහැර දමා ඇති බව ඔවුනට හැඟී යයි. එලෙසම, ඇමරිකාව ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ඇමරිකාව නැවත යුද්ධයකට පිවිසීමට අකමැති බව ඉරානය සිතනු ඇති අතර එය ඇමරිකාවේ බියවැද්දීමේ බලය දුර්වල කරනු ඇති."

වෝල් ස්ට්‍රීට් ජර්නලය තවදුරටත් මෙසේ පැවසීය: “යුරෝපයේ සහ ආසියාවේ එක්සත් ජනපද හිතකාමී රජයන්ගේ කනස්සල්ල නම්, ට්‍රම්ප් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ කළ ආකාරයටම, එවැනි ප්‍රවේශයකින් ඔහුට ප්‍රතිලාභ ලැබෙන්නේ නම්, රුසියාව, චීනය හෝ උතුරු කොරියාව විසින් ඔවුන්ගේ භූමියට එල්ල කරන ප්‍රහාර නොසලකා හැරිය හැකි බවට තහවුරු වන බවයි.”

වාර්තාව තවදුරටත් මෙසේ පැවසීය: “දිගු කාලීනව, මෙම ප්‍රවේශය ලොව පුරා එක්සත් ජනපද කඳවුරු සත්කාරක රටවලට ආරක්ෂක වත්කමක් ද නැතහොත් වගකීමක් සහ තර්ජනයක් ද යන ප්‍රශ්නය මතු කරයි.”

විශ්‍රාමික ගුවන් මාර්ෂල්වරයෙකු සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු මෙහෙයුම් ප්‍රධානියෙකු වන එඩ්වඩ් ස්ට්‍රින්ගර් ද වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පැවසීය: “ඔබ ඇමරිකානු පක්ෂපාතිත්වය මිලදී ගන්නා බව ඔබ සිතුවේ නම්, දැන් ඔබගේ නිගමනය, ඇමරිකානු කඳවුරක් කරන්නේ ඔබව ඉලක්කයක් බවට පත් කිරීම බවත්, ඇමරිකාව ඔබව තමන්ගේම අවශ්‍යතාවලට ගොදුරු කර ගැනීමට ඉඩ ඇති බවත්ය.”

වෝල් ස්ට්‍රීට් ජර්නලය එහි වාර්තාවේ තවත් කොටසක මෙසේ ලිවීය: “හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම මේ දක්වා,  දිගටම කරගෙන යාමෙන් කාලය තමන්ට පක්ෂව ක්‍රියා කරන බවත්, ට්‍රම්ප් පරිපාලනයට වැඩි වැඩියෙන් පීඩනයක් එල්ල කරන තරමට එය සහන ලබා දෙන බවත් ඉරානය විශ්වාස කරන බව පෙනේ.”


සම්බන්ධිත පුවත් | Related News

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.