News Category
From Date
To Date
Maximum Number of Result

පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩා බිම් කොටසක් නිහඬවම ගෝලීය ආර්ථිකය නැවත හැඩගස්වමින් මිලිටරි ආධිපත්‍යයේ සීමාවන් ලකුනු කරමින් සිටින තත්වයකට පත්ව තිබේ.

ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඉරාන මෙහෙයුම් සඳහා එක්සත් ජනපද හමුදාවලට සහාය ලබාදීම හෝ ගුවන් අවකාශය ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කරන බව රොයිටර් පුවත් සේවය අද (01)වාර්තා කර ඇත.

ගිවිසුමකින් තොරව සති දෙකක් හෝ තුනක් ඇතුළත ඉරානයට එල්ල කරන හමුදා ප්‍රහාරවලින් ඉවත් වීමට අමෙරිකාවට හැකි බවත්, මෙම ගැටුම සමතයකට පත් කිරීමට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ටෙහෙරානය ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය නොවන බවත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

හොනලුලුහි පැවති "No Kings" විරෝධතාවය අතරතුර සංචාරකයින් පිරිසක් විසින් අමෙරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ අංශයේ (ICE) නිල ඇඳුමෙන් සැරසී සිටි පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් "පුපුරවා හැරීමට" තර්ජනය කර ඇති අතර, රටේ ජලයෙන් ලවණ ඉවත් කිරීමේ කම්හල් ද ඊට ඇතුළත් වේ. එය මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජල මූලාශ්‍රයන්ට තර්ජනයක් වන අතර විශේෂඥයින් පවසන්නේ එය නීති විරෝධී බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම නවතා දැමුවද මේ වන විට ඒ හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාවේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වන අමෙරිකානු යුද ගුවන් යානා සඳහා ස්පාඤ්ඤයේ ගුවන් සීමාව හෝ එරට පිහිටි යුද කඳවුරු භාවිතා කිරීමට අවසර නොදෙන බව ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබ්ලස් ප්‍රකාශ කර ඇත.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.