
ඊශ්‍රායලයේ යුද බිය ඇවිළෙයි... පැය 48ක හදිසි තත්ත්වයක්
ඊශ්‍රායල හමුදා හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව ප්‍රහාරක ගුවන්යානා සියයක් යොදා ගනිමින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබිණි.
ඉරිදා (25දා) අලුයම සිට මේ ගැටුම් ඇවිළී තිබේ. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.
උතුරු ඊශ්‍රායලයට රොකට් හා ඩ්‍රෝන ප්‍රහාර 320ක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය කියයි.
ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට හිස්බුල්ලා සංවිධානය සූදානම් වූ නිසා මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි. ඊශ්‍රායල් හමුදාව පවසන්නේ තම ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ යුද නායකයා වූ ෆුවාඩ් ශුකුර් මියයෑමට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇතිබවයි.
හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් ඊශ්‍රායල් හමුදා කඳවුරු 11කට ප්‍රහාර එල්ල කළ බවයි.
මේ යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායලය පැය 48ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
