News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ කර්ස්ක් කළාපයේ යුක්‍රේන හමුදා ආක්‍රමණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය නිවැරැදි වාර්තාකරණයක යෙදී නැහැ- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

Aug 19, 2024 at 10:31 PM
|

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යය වල රුසියාවේ කර්ස්ක් කලාපය ඉලක්ක කර යුක්‍රේන හමුදා එල්ල කරන ආක්‍රමණික ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු වාර්තා කර නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අද (19) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.  ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පවසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ උපුටා දක්වන බවද පවසයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

                                                                                                             මාධ්‍යය  නිවේදනයයි

                                                                                               කොළඹ රුසියානු තානාපති කාර්යාලය

                                                                                                                       2024 අගෝස්තු 19

                                                කර්ස්ක් කලාපය අවට යුක්රේන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්  පිළිබඳව වන නිවේදනයයි !

යුක්රේන හමුදා මෙහෙයුම් සාධාරණීකරණය කිරීමට මෙන්ම කර්ස්ක් කලාපයේ තත්ත්වය වැරදි ලෙස සමාජගත  කරන ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවල මෑත කාලීන හැසිරීම් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධානය යොමු කරණු ලැබීය. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බැවින්, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ පහතින් උපුටා දක්වමු.

ඒ අනුව රුසියානු දේශසීමාවේ ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින දේ සහ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ නවතම ලේ වැකි අනර්ථ ක්‍රියාවේ සැබෑ ඉලක්ක මොනවාද යන්න පිළිබඳව ශ්‍රී ලාංකික මහජනයාගේ අවධානය යොමු කිරීම වෙනුවෙන් ඒ වෙත ආලෝකය යොමු කරමු.

“සාපරාධී සහ නීත්‍යානුකූල නොවන සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රය එහි පිරිසිදු නවනාසි ස්වභාවය ලොවට හෙළිදරව් කරනු ලබයි. යුක්රේන සන්නද්ධ හමුදාවන් තම අසාර්ථක වූ ඩොන්බාස් හි සිදු කළ මෙහෙයුම් වල  තත්ත්වය සැලකිල්ලට ගනිමින්, යුක්රේන බලධාරීන් කර්ස්ක් කලාපයේ දේශසීමා ආශ්‍රිතව ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කර ඇත. අගෝස්තු 8 වන දින යුක්රේන ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියාගේ උපදේශක මිහායිල් පොඩොල්යාක් විසින් නිර්ලජ්ජිතව පිළිගත් පරිදි, මෙම ප්‍රහාරය දිගුකාලීනව ඔවුන්  සාකච්ඡා වලට එළඹීමට ගන්නා පදනමේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අදහස් කරන්නේ යැයි කියෙව් පරිපාලනය විවෘතව ප්‍රකාශ කළේය."

“ලැබෙමින් තිබෙන වාර්තාවලට අනුව, කියෙව් පාලන තන්ත්‍රය කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ප්‍රහාරයක් සඳහා සූදානම් කිරීමක් දියත් කර ඇත.

 විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු  ජාත්‍යන්තර සංවිධානවලින් සහ ජාත්‍යන්තර පරමානු බලශක්ති අධිකාරිය වෙතින් රුසියාව ඉල්ලා සිටින්නේ, කියෙව් පාලන තන්ත්‍රයේ ප්‍රකෝපකාරි ක්‍රියාවන් වහා හෙළා දකින ලෙසත්, කර්ස්ක් න්‍යෂ්ඨික බලාගාරයෙ හි න්‍යෂ්ටික නිරුපද්‍රිතතාව සහ එහි ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම තර්ජනයක් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ය. එම බලාගාරයට යම් විදියකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය මිනිසා විසින් යුරෝපයේ නිර්මානය කරන ලද විශාලතම ව්‍යසනයට තුඩු දිය හැකිය."

යුක්රේනය පවසා සිටින පලායාමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කරන දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වලට අනුව, අගෝස්තු 18 වන විට කියෙව් හමුදාවන්ට කර්ස්ක් මෙහෙයුමේදී පුද්ගලයින් 3460 ක්, යුද ටැංකි 50 ක්, පාබල සටන් වාහන 25 ක් අහිමි වි තිබේ.

සන්නද්ධ පිරිස් ප්‍රවාහනය කරන වාහන 45 ක්, සන්නද්ධ වාහන 262 ක් සහ සාමාන්‍ය වාහන 115 ක් ගුවන් යානා නාශක මිසයිල පද්ධති කිහිපයක් සහ රොකට් ප්‍රහාර දියත් කරන පද්ධති කිහිපයක් ද විනාශ වී තිබේ.

යුද ගැටුම් මෙන්ම යුද ආතතිය තවමත් පවතී. පසුගිය පැය 24 තුළ රුසියානු හමුදාව යුක්රේන බලසේනා 4 ක ප්‍රහාර මැඩපවත්වා තිබේ. කෙසේ වෙතත්, යුද බිමේ තත්වය කියෙව් හමුදාවන්ට වාසි සහගත යැයි පැවසීම සත්‍ය තත්වයෙන් බොහෝ සේ දුරස් ය. සතුරන්ගේ අපේක්ෂාවන් කුමක් වුවත්, රුසියානු ජනතාවගේ  ආත්ම විශ්වාසය හා එකමුතුකම අඩපණ වෙනවා වෙනුවට මේ වන විට වඩා ශක්තිමත් වී තිබේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 12 වැනි දින ප්‍රකාශ කළ පරිදි,  සාමකාමී ජනතාවට සහ සිවිල් වැසියන්ගේ දේපල වලට තෝරා බේරා ගැනීමකින් තොරව පහර දෙන සහ න්‍යෂ්ටික බලාගාර වල නිරුපද්‍රිතතාවයට තර්ජනය කරන අය සමඟ රුසියාව කිසිදු සාකච්ඡාවක් පවත්වන්නේ නැත.

-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය


On events around the Ukrainian terrorist actions in the Kursk region

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.