'මන්කිපොක්ස්' හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරයි... රෝගියෙක් ස්වීඩනයෙනුත් හමුවෙයි
‘එම්පොක්ස්’ හෙවත් ‘මන්කිපොක්ස්’ රෝගය ජාත්‍යන්තර වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ.
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ රාජ්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගොස් පසුව තවත් අප්‍රිකානු රටවල් රැසකට පැතිර ගොස් ඇති එම්පොක්ස් රෝගයෙන් මේ වන විට 450 දෙනකු පමණ මියයෑමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම පියවර ගෙන තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කොංගෝ රාජ්‍යයේ පැතිරීම ඇරැඹි එම්පොක්ස් රෝගයේ නව වෛරස් ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිරීමත් ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් හේතුවෙන් එය සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙසේ එම රෝගය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රේයේසුස් පවසයි. රෝගය අප්‍රිකානු රටවලත් ඉන් ඔබ්බටත් පැතිර යන ආකාරය කනස්සල්ලට හේතුවක් බව ද වෛද්‍ය ගෙබ්‍රේයේසුස් සඳහන් කර තිබේ.
කොංගෝ රාජ්‍යය තුළ මෙම එම්පොක්ස් රෝගය පැතිර යෑමෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 13,700ක් හා මරණ 450ක් වාර්තා වී ඇති බවත් රෝගය මේ වන විට බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය, කෙන්යාව, රුවන්ඩාව ඇතුළු රටවල් ගණනාවකට පැතිර ගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය උණ රෝගයෙන් ආරම්භ වී සමේ ආසාදන, උගුරේ ආසාදනය, සමේ පළු මතු වීම, හිසරදය, කොන්දේ වේදනාව, මාංශපේශිවල වේදනාව, ශරීර ශක්තිය අඩු වීම, වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර පසුව එය මාරාන්තික විය හැක.
සෑම රෝගීන් 100 කින්ම 4 දෙනෙක් රෝගය නිසා මිය යති. මෙම රෝගය කෙනෙකුගෙන් තවත් අයකුට පැතිර යනුයේ ලිංගික ඇසුරකින්, ආසාදිතයකුගේ සමෙහි ගැටීමෙන්, ආසාදිත පුද්ගලයකු සමග සමීපව කතාබස් කිරීමෙන් හා හුස්ම ගැනීමේදී බව වෛද්‍යවරු පවසති.
මේ අතර, අප්‍රිකානු මහද්වීපයෙන් පිටත වාර්තා වූ ප්‍රථම මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රභේදය වේගයෙන් ව්‍යප්ත වන බවට ද හඳුනාගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්