
හිස්බුල්ලා නායක නස්රල්ලා ඝාතනයට ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන උත්තරීතර නායකයා කියයි
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනයට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් කමේනි පවසා ඇත්තේ අනෙකුත් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහි සටන අඛණ්ඩව සිදුකරන බවයි.
“නසරල්ලා තනි පුද්ගලයෙක් නොවේ. ඔහු මාර්ගයක් සහ චින්තන පාසලක් වූ අතර, ඔහු පෙන්වා දුන් මාර්ගය දිගටම පවතිනු ඇත,” යනුවෙන් ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අලි කමේනි පැවසුවේය.
හිස්බුල්ලා සංවිධානය විසින් ඊයේ නස්රල්ලාගේ මරණය තහවුරු කර තිබිණි.
අනතුරුව ඉරාන ජනමාධ්‍ය වාර්තා කළේ ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු වූ ජෙනරාල් අබ්බාස් නිල්ෆෝරූෂාන් ද සිකුරාදා දකුණු බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් නස්රල්ලා සමග මියගොස් ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
