බංග්ලාදේශයේ හමුදාවටත් අධිකරණ බලය... අත්අඩංගුවට ගැනීමට, සිරගත කිරීමට සහ ආත්මාරක්ෂාව පිණිස වෙඩි තැබීමට අවසර
බංග්ලාදේශයේ කොමිෂන් ලත් හමුදා නිලධාරීන්ට විනිසුරුවන්ට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලයට සමාන බලයක් සහිතව දින 60ක කාල සීමාවකට රටේ සාමය ස්ථාපිත කිරීමට හමුදා බලය යෙදවීමට එරට අන්තර්වාර රජය අවසර දුන් බව එරට මාධ්‍ය වාර්තා කළේය.
අන්තර්වාර රජය මේ පියවර ගෙන ඇත්තේ ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය බිඳ වැටී මාසයකට වැඩි කාලයක් ගතවූවද එරට තැනින් තැන තවමත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම සැලකිල්ලට ගෙන බව ද වාර්තා වේ.
බංග්ලාදේශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් කරමින් අන්තර්වාර රජය හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමට බලය ලබා දී ඇත්තේ එරට අපරාධ නීතිය යටතේ බවත්, ඒ අනුව කොමිෂන් ලත් ඕනෑම හමුදා නිලධාරියකුට යම්කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සහ සිරගත කිරීමට අවසර ඇති අතර, ආත්මාරක්ෂාව පිණිස වෙඩි තැබීමට ද හැකියාව පවතින බව වාර්තා වේ.
බංග්ලාදේශයේ හමුදාවට මෙවැනි බලයක් රජයෙන් ලබාදුන් පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
බංග්ලාදේශ පොලිසිය මෙතෙක් එරට සාමය හා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැති බවත්, කඩාකප්පාල්කාරී ක්‍රියා ඩකා අගනුවර ඇතුළු නගර රැසක සිදුවන බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්