ඊශ්‍රායල හමුදා ඉරානයට පහර දෙන බව නිවේදනය කරයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානයේ “හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර” සිදු කරමින් සිටින බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි අද(26) උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේය.
"ඊශ්‍රායල් රාජ්‍යයට එරෙහිව ඉරානයේ පාලන තන්ත්‍රය විසින් මාස ගණනාවක් කළ අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් - මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඉරානයේ හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර එල්ල කරමින් සිටී" යනුවෙන් ප්‍රකාශකයා කෙටි වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"අපි ඊශ්‍රායල රාජ්‍යය සහ ඊශ්‍රායල ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරනවා" යනුවෙන් ඔහු පැවසුවේ, යුදෙව් රාජ්‍යයේ "ආරක්ෂක සහ ප්‍රහාරාත්මක හැකියාවන් සම්පුර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති" බවයි.
In response to months of continuous attacks from the regime in Iran against the State of Israel
ප්‍රහාරයේ පරිමාණය ක්ෂණිකව පැහැදිලි නොවූ අතර ඉස්ලාමීය ජනරජයට සිදුවූ හානිය පිළිබඳ කිසිදු තොරතුරක් මේ වනතෙක් වාර්තා වී නොමැත. ටෙහෙරාන් වැසියෙකු ඒපී පුවත් සේවය වෙත පැවසුවේ ටෙහෙරාන් අගනුවරට අවම වශයෙන් පිපිරීම් හතක්වත් ඇසුණු බවයි.
හමාස් සහ හිස්බුල්ලා නායකයින් සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) ජෙනරාල්වරයෙකුගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඔක්තෝබර් 1දා ඉරානය ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 200කට ආසන්න ප්‍රමාණයක් එල්ල කළේය.
ඊශ්‍රායලය එතැන් සිට කිසිදු කාල රාමුවක් සඳහන් නොකර “මාරාන්තික, නිවැරදි හා පුදුම සහගත” ප්‍රතිප්‍රහාරයක් ලබා දෙන බවට තර්ජනය කළේය.
ටෙහෙරානය ඊශ්‍රායලයට අනතුරු අඟවමින් ඉරානයට එරෙහි කිසියම් ප්‍රහාරයක් එල්ල කළහොත් “තීරණාත්මක සහ කනගාටුදායක” ප්‍රතිචාරයක් දක්වන බවයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්