ඩොලර් එකෙන් පිට පැන්නොත් 100% ක් බදු ගහනවා - ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි
අමෙරිකාවේ ජනාධිපතිධූරය සඳහා තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් BRICS රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ අන්තර්ජාති වෙළඳාමේදී අමෙරිකානු ඩොලරයෙන් ඉවත් වී ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම BRICS රටකට 100% තීරුබදු පනවන බවයි.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත ආර්ථික සන්ධානය BRICS නමින් හඳුන්වනු ලැබේ.
මේ වනවිට ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා එය පුළුල් කර ඇත.
ඒ අනුව, ලෝක බලවතුන් වන චීනය, රුසියාව බ්‍රසීලය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට බ්‍රික්ස් සන්ධානයේ කොටසකි.
“අපි බලාගෙන ඉද්දි BRICS රටවල් ඩොලරයෙන් ඈත් වෙන්න හදනවා කියන අදහස පේනවා” ට්‍රම්ප් Truth Social හි BRICS සම්බන්ධයෙන් තබා ඇති සටහන විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්ව තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරණය අතරතුර, ට්‍රම්ප් පුලුල්ව පැතිරුණු තීරුබදු ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොරොන්දු ලබා දුන්නේය. ඒ අනුව ඔහු පසුගිය දිනවල රටවල් කිහිපයකට දැඩි බදු පනවන බව තර්ජන එල්ල කර තිබේ.
කැනඩාව සහ චීනය ඊට ඇතුළත් වේ.
ලබන වසරේ ජනවාරි 20 වන දින අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බලයට පත්වීමට නියමිත ට්‍රම්ප්ගේ මෙම නවතම පණිවිඩයෙන් තර්ජන එල්ල කර ඇත්තේ, නැගී එන ආර්ථික සමූහයකින් සමන්විත වන බ්‍රික්ස් හවුල වෙතයි.
ඒ අනුව, ඩොලරය ඔවුන්ගේ සංචිත මුදල් ලෙස භාවිත කිරීමට කැපවන ලෙසත්, නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය කිරීමෙන් හෝ විකල්ප පිටුබලය දීමෙන් වළකින ලෙසත් ට්‍රම්ප් BRICS සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.
“අපට මෙම රටවලින් නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය නොකරන බවට කැපවීමක් අවශ්‍ය වේ. බලවත් අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් පසුපස නොයන බව හෝ පැවසිය යුතුය. එසේ නොවන්නේ නම් ඔවුන් 100% තීරුබදු වලට මුහුණ දෙනු ඇත, එමෙන්ම ඔවුන් පුදුම සහගත ලෙස අමෙරිකානු ආර්ථික ගනුදෙනුවලින් සමුගැනීමට අපේක්ෂා කළ යුතුය,” ට්‍රම්ප් පැවසීය.
- ceylonwire.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..