
යුනෙස්කෝව ඝාතනයට ලක්වූ රුසියානු මාධ්‍යවේදීන් ඉවත් කළ වාර්තාව ලොව පුරා සිටින මානවාදී මාධ්‍යවේදීන්ගේ උදව්වෙන් ප්‍රතික්ෂේප කළා- රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා
යුනෙස්කෝ සංවිධානය විසින් සන්නිවේදන සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට සකස් කරන ලද වාර්තාවට තම වෘත්තීය රාජකාරිය අතරතුර ඝාතනය කළ රුසියානු සගයන් ඇතුළත් කරන ලෙස ලොව පුරා සිටින මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍යවේදීන්ගේ සංවිධානද අවධාරණය කරනු ලැබීය. ලංකා ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජීවන්ත ජයතිස්ස මහතාද පසුගිය 12 වනදා යුනෙස්කෝ සංවිධානය වෙත තම ස්ථාවරය පවසා ලිපියක් යොමු කරනු ලැබුවේය. ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ගේ විරෝධය හමුවේ යුනෙස්කෝ සංවිධානය තම පක්ෂග්‍රාහී වාර්තාව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා මැතිණිය ඝාතනයට ලක්වූ රුසියානු මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ලොව පුරා වෙසෙන මාධ්‍යවේදීන්ට සිය ස්තුතිය පළ කළාය.
ඇය විසින් කරනු ලද ප්‍රකාශය පහතින්...
UNESCO අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay සකස් කළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ මතභේදාත්මක වාර්තාව, රුසියානු මාධ්‍යවේදීන්ගේ මරණ පිළිබඳ කිසිදු හෝ සඳහනක් කිරීම වාර්තාව පුදුම සහගත ලෙස මග හැර තිබුණි, අවසානයේදී සමුළුව එය අනුමත කිරීමට කටයුතු කළේ නැත.
තම සගයන්ට සහයෝගය දක්වමින් ලිපි එවූ සහ ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කළ සියලු තරාතිරම් වල අයවළුන්ට අපි අපගේ කෘතඥතාවය පුද කරමු. ඔබේ උත්සාහය අපතේ ගියේ නැත. ව්‍යාජ වාර්තාව සමුළුව අනුමත නොකළේය. ඔවුන්ගේ විරෝධය විසින් එම වාර්තාව හුදෙක් සටහනක් බවට පත් කරන ලද්දේය.
ඝාතනයට ලක්වූ රුසියානු මාධ්‍යවේදීන් වෙනුවෙන් කිසිදු අනුකම්පාවක් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් බටහිර සුළුතරය තමන්ව සම්පූර්ණයෙන්ම හෙලිදරව් කර ඇත. මෙතැන් සිට මේ කිසිම රටක් භාෂණයේ නිදහස හෝ මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වන විට එය අමු මුසාවක් බව ලෝකය හඳුනා ගන්නවා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)
