News Category
From Date
To Date
Maximum Number of Result

සිවුර සහ දේශපාලනය..

Oct 15, 2026 at 09:59 AM
|

මේ දවස්වල බිමල් රත්නායක ඇමතිතුමා ස්කැන්ඩිනේවියානු රටවල සංචාරයක නිරත වී සිටින බව පේනවා.

ඇමතිතුමා කැඳවා ගෙන යනු ලබන්නේ දැන් උපැවිදිවී ස්වීඩනයේ ජීවත්වන සිටින එකල බලහරුවේ සෝම හාමුදුරුවෝ බවයි පෙනෙන්නේ. බලහරුවේ සෝම හාමුදුරුවෝ 87-89 භීෂණ වකවානුවේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු. එකල ඒ හාමුදුරුවෝ කැළණිය විශ්ව විද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයෙක්. 

බලහරුවේ සෝම හිමි 1987 වකවානුවේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය හා කටයුතු කර තියෙනවා. මව්බිම සුරැකීමේ ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මේ අනික් ඡායාරූපයේ ඇත්තේ 1987 තහනම් මැයි දිනය අවස්ථාවේ රැස්වීම අමතන මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මෙතන කොහෙ හරි බලහරුවේ සෝම හාමුදුරුවොත් ඇති.  

මව්බිම සුරැකීමේ ව්‍යාපාරය, මැයි දිනය සහ භික්ෂුන්වහන්සේ අතර සම්බන්ධය මොකක්ද කියල කෙනෙක්ට අහන්න පුළුවන්. 1987 අප්‍රේල් කියන්නේ කොටි කලබල රට පුරා තිබුණු වකවානුවක්. අප්‍රේල් 22 වෙනිදා කොටි ත්‍රස්තවාදීන් පිටකොටුව බෝම්බයක් පුපුරවා හැරියා. 122 දෙනෙක් මිය ගියා. මේ නිසා ආරක්ෂක හේතුන් මත ආණ්ඩුව එම වසරේ මැයි දින රැස්වීම් පෙළපාලි තහනම් කළා. 

තහනම නොතකා මව්බිම සුරැකීමේ ව්‍යාපාරය, මැයි දින රැස්වීමක් සංවිධානය කළා. ඒ නාරාහේන්පිට අභයරාමය පන්සලේ. රැස්වීමේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේම  බලහරුවේ සෝම හාමුදුරුවොත් කථා පැවත්වුවා.  රැස්වීම ඉවර වෙලා පිරිස පන්සලෙන් පෙළපාලියක් වශයෙන් එළියට බැස්සා. පෙළපාලියට පොලිස් අධිකාරි ගෆූර් ගේ මෙහෙයවීමෙන් යුත් පොලිස් භටයෝ වෙඩි තිබ්බා. දෙන්නෙක්  මිය ගියා. ජපුර සරසවියේ කිත්සිරි මෙවන් රණවක එක් අයෙක්. 

බලහරුවේ සෝම හාමුදුරුවෝ පසුව ජවිපෙ දේශපාලනය සමඟ දිගටම ගමන් ගත් අතර 90 වසරේ තායිලන්තයටත් ඉන්පසු යුරෝපයටත් පැන ගොස් දිවි ගලවා ගත්තා. උපැවිදි වූ ඔහු දැන් ජවිපෙ ඩයස්පෝරාවේ ප්‍රධාන නියෝජිතයෙක් බව පේනවා. 

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ දිගටම ජාතික ව්‍යාපාරය සමඟ කටයුතු කළා සහ ඊට භික්ෂු නායකත්වය ලබා දුන්නා. අවසාන කාලයේ උන්වහන්සේ නිහඬ වුනා වගේම 2015 යහපාලනය වෙනුවෙන් ජාතික බලවේග නොවන් විජාතික බලවේගවල පැත්ත ගත්තා. 

කැළණිය විශ්ව විද්‍යාලයේම පැවිදි සිසුවකු වූ ගලගොඩ අත්තේ ඤාණසාර හාමුදුරුවෝ ප්‍රකාශ කර සිටියේ උන්වහන්සේ භික්ෂු දේශපාලනයට ආකර්ෂණය වූයේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ  නිසා බවයි.

(නලින් සුබසිංහගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

2015 දෙසැම්බර් 22 වන දින එවක පැවති යහපාලන රජය මගින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.
වර්තමාන ජනගහන ප්‍රවණතා දිගටම පැවතුණහොත්, ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්විය හැකි බව නවතම ජනගහන ආකෘතියක් මගින් පුරෝකථනය කර තිබේ.
වර්තමාන ජන විකාශන ප්‍රවණතා අඛණ්ඩව පැවතුණහොත්, ඉදිරි දශක දෙක තුළ යුරෝපයේ රටවල් කිහිපයකම ස්වදේශීය ජනගහනය සුළුතරයක් බවට පත්විය හැකි බව, සංක්‍රමණය සහ උපත් අනුපාත පහත වැටීමේ දිගුකාලීන බලපෑම් පුරෝකථනය කරන නව ආකෘතියකින් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ ජාල තුළ නිතර කතාබහට ලක්වන,ලේඛක සරෝජ් පතිරණ විසින් රචිත ලිපිය මුල් කරගනිමින්,
මම ලියපු ලිපියක් පත්තරේක සම්පූර්ණ පිටුවක මුලින් ම පළවුණේ 1989 අවුරුද්දේ. “ආගම, විද්‍යාව සහ බුදුදහම” කියන නමින් මම ලියපු ඒ ලිපිය පළකළේ “විදුසර” පත්තරේ. වයස අවුරුදු විස්සවත් සම්පූර්ණ වෙලා නැති ඒ කාලේ තේරුම් ඇරැගෙන හිටිය සමහර අදහස් සහ ආර්. ජී. ද එස්. වෙත්තිමුණි මහත්තයා (සිදත් වෙත්තිමුණිගේ තාත්තා) ලියපු “බුදු දහම, ආගම හා විද්‍යාව සමඟ සම-විසම වන අයුරු” කියන පොත සේවනයෙන් ලබාගත්ත අදහස් පදනම් කරගෙනයි මම ඒ ලිපිය ලිව්වේ.
රුසියානු-ඇමරිකානු සබඳතාවල නවතම හැරවුම කියෙව් පාලනය කම්පනයට පත් කර තිබේ.
රුසියානු-ඇමරිකානු සබඳතාවල නවතම හැරවුම කියෙව් පාලනය කම්පනයට පත් කර තිබේ.
හිමාල කඳු වැටියෙන් වටවූ, ලොව අවසන් වජ්‍රයාන බෞද්ධ රාජ්‍යය ලෙස හැඳින්වෙන භූතානය, භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයට මුල්තැන දෙන සුවිශේෂී දේශයකි.

ප්‍රධාන පුවත්

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්

ජාතික සංවිධාන එකමුතුව මඟින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ වර්තමාන රජය යටතේ මෙරට බුද්ධ ශාසනයට, ජාතික සංකේතවලට සහ ඓතිහාසික පුරාවස්තුවලට බරපතළ තර්ජන එල්ල වී ඇති බවය.

ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්‍යයකට යන ගමන..

2015 දෙසැම්බර් 22 වන දින එවක පැවති යහපාලන රජය මගින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)

අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්‍යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.