News Category
From Date
To Date
Maximum Number of Result

රුපියල් 129,650,000,000.00 ක දැවැන්ත ආයෝජනයක් රටින් යයි.. රුපියල් 650,000,000ක වන්දියකුත් ගෙවන්න සිදු වෙයි..

Oct 19, 2026 at 08:44 AM
|

ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ ඉදිරි ගමන තීරණය කිරීමට තිබූ රුපියල් බිලියන 129.6 ක (ඇමරිකානු ඩොලර් මිලියන 392 ක) දැවැන්තම ඒකාබද්ධ සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් (SACLH) චීන රජයට අයත් China Merchants Port Holdings (CMPort) සමාගම නිල වශයෙන් ඉවත් වෙලා ඉවරයි..

මෙය හොංකොං කොටස් වෙළඳපොළ වෙත පවා ඔවුන් නිල වශයෙන් දැනුම් දී අවසන්ය.

මේ ආයෝජන සඳහා මූලික ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2023 වසරේදීය.

පැහැදිලිවම මේ පිටුපස ඇත්තේ වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය, අත්දැකීම් මදකම සහ රාජ්‍ය තාන්ත්‍රික නොහැකියාවයි.

සිදුවූයේ කුමක්ද..?

කොළඹ වරාය ආශ්‍රිතව දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතව තිබුණි. 

මෙමඟින් ලංකාව කලාපීය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට තිබූ අවස්ථාව මෙන්ම, දහස් ගණනකගේ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රටට අහිමි වී ගොස් ඇත.

මෙය අහිමි වීම සම්පූර්ණයෙන්ම ආණ්ඩූවෙ නියාමනයෙ ගැටළුවකි.

ව්‍යාපෘතියකට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම් සහ මූලික අනුමැතීන් නියමිත වේලාවට ලබාදීමට අනුරගෙ කයිවාරු ආණ්ඩුව අසමත් වී ඇත. 

විදේශීය ආයෝජකයෙකු මෙවැනි දැවැන්ත මුදලක් රැගෙන රටකට එන විට, රතු පලස් එලා ඔවුන් රඳවා ගන්නවා වෙනුවට, රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාවය නිසා ඔවුන්ව පලවා හැර තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත සමාගම් සහ ලෝක බලවතුන් සමඟ ගනුදෙනු කිරීමේදී වත්මන් පාලනයේ පවතින රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවයේ අඩුව මේ හරහා මැනවින් පෙනෙන්නට තිබේ. 

සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට අපොහොසත් වීම රටේ ආර්ථිකයට වැදුණු මරු පහරකි.

ව්‍යාපෘතිය අසාර්ථක වීම මදිවාට, ආණ්ඩුවේ වැරදි නිසා චීන සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියන 21.9 ක (රුපියල් මිලියන 650 කට අධික) වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුව ඇත. 

අනුරගෙ කයිවාරු ආණ්ඩුවෙ අලුත් ආයෝජන බිංදුවයි - තිබෙන ඒවාත් පලවා හරියි..

මෙම රජය බලයට පත් වූ දා සිට රටට ගෙන ආ එකදු අලුත් හෝ සැලකිය යුතු මට්ටමේ විදේශීය ආයෝජනයක් පෙන්වීමට නැත. 

අලුත් ඒවා ගෙන ඒමට නොහැකි මෙවැනි පසුබිමක, දැනට රට තුළ ක්‍රියාත්මක වීමට තිබූ දැවැන්තම ආයෝජන පවා ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා රටට අහිමි වී යමින් පවතී.

මීට පෙර පැවති රජයන් විසින් රටේ බලශක්ති සුරක්ෂිතතාව සහ තරඟකාරීත්වය වෙනුවෙන් මෙරටට ගෙන්වන ලද ජාත්‍යන්තර ඛණිජ තෙල් සමාගම් (Sinopec, RM Parks ආදී) වෙත පවා වත්මන් පාලනය යටතේ විවිධ බලපෑම් සහ තර්ජන එල්ල වෙමින් ඇත.

ජනාධිපතිවරයා එම ආයෝජකයින්ටයිද ගොං පාට් එකක් දැමුවෙ ආයෝජකයන්ගෙ සමුළුවකදිය..

මෙවැනි අත්තනෝමතික ප්‍රතිපත්ති නිසා ලෝකයේ වෙනත් කිසිදු පිළිගත් ආයතනයක් ලංකාව තුළ ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ආයෝජකයන් සහ ලෝක බලවතුන් සමඟ මේසයක වාඩි වී වෘත්තීය මට්ටමින් සාකච්ඡා කිරීමට තරම් භාෂාමය ඥානයක් හෝ රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදන හැකියාවක් අනුරගෙ ආණ්ඩුවට නැත.

එපමණක් නොව, හම්බන්තොට ඉදිකිරීමට තිබූ ඩොලර් බිලියන 3.1 ක දැවැන්තම තෙල් පිරිපහදු ව්‍යාපෘතියද මේ වන විට මුළුමනින්ම අහෝසි වී ගොස් ඇත..

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් චීනයේ සයිනොපෙක් (Sinopec) ආයතනය සමඟ පූර්ව ගිවිසුම්ගතව තිබූ මේ ඩොලර් බිලියන 3.1 ක ඛණිජ තෙල් පිරිපහදු ආයෝජනය, තමන්ගේ එකක් යැයි පම්පෝරි ගසමින් 2025 මාර්තු මස වත්මන් රජය විසින් නැවත ගිවිසුම් ගැසීමට කටයුතු කළේය. 

නමුත් සිදුවූයේ කුමක්ද..? 

ආයෝජකයන් සමඟ ගනුදෙනු කිරීමට ඇති නොහැකියාව, දේශීය වෙළඳපොළ කොන්දේසි කළමනාකරණය කරගැනීමේ දුර්වලතාවය සහ අත්තනෝමතික ප්‍රතිපත්ති නිසා මේ වන විට එම දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියද මුළුමනින්ම අහෝසි වී ලංකාවට අහිමි වී ගොස් අවසන්ය..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වත්මන් ආණ්ඩුව සෑම විටම උදම් අනන්නේ තමන්ගේ පාලනය යටතේ අල්ලස සහ දූෂණය මුළුමනින්ම නැති කර ඇති බවයි..

නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි.. රටේ අල්ලස සහ දූෂණය නැතිවී ඇත්තේ පාලකයන්ගේ පිරිසිදුකම නිසා නොව, රටට අලුතින් එන එකදු ආයෝජනයක් හෝ ව්‍යාපෘතියක් නොමැති නිසා, දූෂණය කිරීමට කිසිදු අවස්ථාවක් ඉතිරිව නැති බැවිනි..

රටක් පාලනය කිරීම යනු වේදිකාවල හිස් සටන් පාඨ කීම, සුරංගනා කතා කීම සහ ඩෝබිලා චූන් කිරීම නොවේ..

ජාත්‍යන්තරය හඳුනන්නේ නැති, ආර්ථික ව්‍යාපෘති කළමනාකරණය කරගත නොහැකි, අත්දැකීම් රහිත මේ පාලනය නිසා අද රටට අහිමි වී ඇත්තේ බිලියන ගණනක විදේශ විනිමයකි.

අනුර නුඹලා මොකවත්ම නොකරාට කමක් නැත. දෙයියන්ගෙ නාමෙන් මීට පෙර ආණ්ඩු මෙරටට ගෙන ආ ආයෝජන ටිකවත් අපට රැකලා දීපල්ලා ඒ ඇති.

- නිලන්ත සත්සර ගමගේ 

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී) 

සම්බන්ධිත පුවත් | Related News

රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.
ශ්‍රී ලංකාවේ භික්ෂුවක් සමාජ දේශපාලන ප්‍රශ්නයක් ගැන ආවේගයෙන් කතා කළහොත් මෙරට නිරාගමිකයන් සියල්ලෝ වහ වහා සැදැහැවත් බෞද්ධයන් බවට පත් වී බෞද්ධ පිළිවෙත් රැකිය යුතු ආකාරය ගැන, සිල්වත් වී බවුන් වැඩිය යුතු ආකාරය ගැන භික්ෂූන්ට උපදෙස් සපයති.
අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ප්‍රධාන පුවත්

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්‍රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්‍ර වෙයි..

විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දී ඇති පරිදි, වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

සටන අත්හරින්නේ නෑ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.