News Category
From Date
To Date
Maximum Number of Result

නිරාගමිකයන්ගේ ළදුරු තර්ක සහ ඊනියා (අ)විචාරශීලී බෞද්ධයෝ..

Oct 19, 2026 at 05:29 AM
|

💥 ශ්‍රී ලංකාවේ භික්ෂුවක් සමාජ දේශපාලන ප්‍රශ්නයක් ගැන ආවේගයෙන් කතා කළහොත් මෙරට නිරාගමිකයන් සියල්ලෝ වහ වහා සැදැහැවත් බෞද්ධයන් බවට පත් වී බෞද්ධ පිළිවෙත් රැකිය යුතු ආකාරය ගැන, සිල්වත් වී බවුන් වැඩිය යුතු ආකාරය ගැන භික්ෂූන්ට උපදෙස් සපයති.

👉 තමන් ඉතා විචාරශීලී යැයි සිතා සිටින අවිචාරශීලි බෞද්ධයෝද ඇත්ත තමයි කියමින් මේ කතාවලට හුරේ දමති. 

💥 ඒ අතරේ බල්ලෙකුට සිවුරක් පෙරවූ නිරාගමික චීවරධාරියෙකු පැමිණ තමන් මල් ගසන බව, මත්පැන් බොන බව හෝ ගැහැනු ආශ්‍රය කරන බව කියමින් ප්‍රසිද්ධියේ පම්පෝරි ගසන විට නිරාගමිකයෝ එවැනි භික්ෂූන්වද උද්දාමයෙන් කර තබා ගනිති. එවැනි අවස්ථාවල මේ නිරාගමිකයෝ හාමුදරුවන්ගේ සිල්වත් බව ගැන කතා නොකරති. 

👉 අවිචාරශීලී මුග්ධ බෞද්ධයෝද මොනවා වුණත් මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත... පට්ට කතාව... කෙලින් කතා කරන හාමුදුරු කෙනක් දැක්කමයි... වැනි කතා කියමින් එවැනි සුනඛ චීවරධාරීන්ට පවා හුරේ දමති. 

💥 භික්ෂූවක් බෞද්ධ සංස්කෘතිය රැකීම ගැන කතා කළහොත් නිරාගමිකයෝ වහාම සැදැහැවත් බෞද්ධයන් බවට පත්වී රැකගැනීම වෙනුවට සියල්ල අතහැරීමේ වැදගත්කම ගැන බණ දේශනා කරති.

👉 අවිචාරශීලී මුග්ධ බෞද්ධයෝද ඇත්ත තමයි කියමින් අතහැරීමේ වැදගත්කම ගැන රචනා ලියති.

💥 මේ අතරේ නිරාගමික භික්ෂුවක් පැමිණ බෝධි පූජා බොරු, පාංශුකූලේ දෙන එක බොරු, මල් පහන් පූජා කරන එක බොරු වැනි කතා කියන විට නිරාගමිකයෝද ඒ කතා ඉහළින්ම අනුමත කරති. පුහු සංස්කෘතික අංග නිසා සැබෑ බෞද්ධ දර්ශනයේ හරය යටපත් වී ඇතැයි මොර ගසති. 

👉 අවිචාරශීලී මුග්ධ බෞද්ධයෝද කෙහෙල්මල් සංස්කෘතියට වඩා බෞද්ධ දර්ශනය වටිනා බව කියමින් නිරාගමිකයන්ටම ආවඩති. 

💥 මේ අතරේ නිරාගමික භික්ෂූන් පුනර්භවය බොරු, පව්පින් බොරු, නිර්වාණය බොරු වැනි ප්‍රලාප දොඩවන විට නිරාගමිකයෝ එවැනි භික්ෂූන් මිත්‍යාවට එරෙහිව සටන් කරන මහා වීරයන් ලෙස හුවා දක්වති. එවැනි අවස්ථාවල මේ නිරාගමිකයෝ බෞද්ධ දර්ශනය ඉතා වැදගත් යැයි නොකියති. 

👉 අවිචාරශීලී මුග්ධ බෞද්ධයෝද ඇත්ත තමයි... නියම බුදු දහම මේක තමයි... මිත්‍යාවෙන් ගැලවෙමු... වැනි කතා කියමින් මේ ප්‍රලාපවලට හුරේ දමති. 

💥 පුනර්භවය, පව්පින්, නිර්වාණය වැනි මේ සියල්ල මිත්‍යාවන් වේ නම් එවැනි මිත්‍යා ආගමක ශාසනයට ඇතුළත් වී, පන්සලේ දානය වළඳමින්, සිවුරක් දරාගෙන සිටින්නේ මොන ඉටිගෙඩියටද යන සරල ප්‍රශ්නය නිරාගමිකයෝ මෙහිදී කිසිවිටෙකත් අදාළ භික්ෂූන්ගෙන් නාසති.  

👉 අවිචාරශීලී මුග්ධ බෞද්ධයෝද ඒ සරල ප්‍රශ්නය සම්පූර්ණයෙන් අමතක කරමින් පින්පව් විද්‍යාත්මකද වැනි ළදරු ප්‍රශ්න අසන නිරාගමික භික්ෂූන්ටම ආවඩති. 

💥 නිරාගමික භික්ෂූන් ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන, මත්පැන් බීම ගැන, අවිචාරවත් ලිංගික නිදහස ගැන ලෝකයේ කිසිදු රටකට වලංගු නොවන හිස් ප්‍රලාප දොඩවන විට නිරාගමික ළදරුවෝ මේ හිස් කතා ඉහළින්ම අනුමත කරති. එවිටද ඔවුන් බෞද්ධ දර්ශනයේ වටිනාකම අමතක කරති.  

👉 ලෝකයේ අනිත් සියලු රටවල අසීමිත ලිංගික නිදහසක් ඇතැයි සිතන අවිචාරශීලී මුග්ධ බෞද්ධයෝද තමන්ට ගණිකාවන් ඇසුරු කිරීමට, මත්පැන් බීමට, ලිංගිකව හැසිරීමට නිදහස අහිමි වී ඇත්තේ බෞද්ධ සංස්කෘතිය නිසා යැයි සිතමින් මේ කතාවලට හුරේ දමති. 

💥 ලෝකයේ වෙනත් රටවල සැබවින්ම විද්‍යාව දන්නා මිනිසුන් තම භෞතික දියුණුව සඳහා විද්‍යාව තාක්ෂණය යොදා ගත්තද විද්‍යාවේ මිණුම් දණ්ඩෙන් සංස්කෘතියට බැට දීමට තරම් මුග්ධයෝ නොවෙති. විද්‍යාව පිළිබඳ හීනමානයෙන් පෙළෙන ලංකාවේ නිරාගමිකයෝ බෞද්ධ සාහිත්‍යයේ ඇති කතා විද්‍යාත්මකද වැනි දෙකේ පන්තියේ ප්‍රශ්න අසමින් මහා පණ්ඩිතයන් වීමට උත්සාහ දරති. 

👉 සංස්කෘතිය, විද්‍යාව හෝ ලෝකය ගැන කිසිවක් නොදන්නා අවිචාරශීලී බෞද්ධයෝද ඉතා පහසුවෙන් විද්‍යාවේ ළණුව ගිලිමින් තම ආගමට හා සංස්කෘතියට විද්‍යාවේ මුගුරෙන් බැටදීමට උත්සාහ දරති. 

💥 ලෝකයේ ඇති සියලු ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව බෞද්ධ සංස්කෘතිය බව හුවා දක්වන නිරාගමිකයෝ ඒ මතය සනාථ කිරීම සඳහා දිවා රෑ වෙහෙස වෙති. ඒ වෙනුවෙන් කවි, ගී නවකතා ලියති. චිත්‍රපට, ටෙලි නාට්‍ය නිර්මාණය කරති. යූටියුබ් සංවාද පවත්වති. ෆේස්බුක් රචනා ලියති. කාටූන් අඳිති.  

👉 මේ කිසිවක් නිරවුල්ව වටහාගැනීමට හැකියාවක් නැති අවිචාරශීලී මුග්ධ බෞද්ධයෝ බෞද්ධ සංස්කෘතියට බැටදෙන ටෙලිනාට්‍ය, නවකතා, චිත්‍රපට, සංවාද ආදිය මහත් උද්දාමයෙන් රස විඳිමින් මිලියන ගණනින් ඒවායේ වීව්ස් ඉහළ දමති. 

💥 මේ පෙන්වා දුන් ආකාරයට නිරාගමිකයන් හැරෙන හැරෙන අතට කතා කරමින්, එකිනෙකට සපුරා පරස්පර ළාමක තර්ක ගොඩනඟමින් තමන්ගේ මතවාදී මෙහෙයුම පෙරට ගෙන යන විට, හැරෙන හැරෙන අතට වෙනස් වන මනසක් ඇති මුග්ධ බෞද්ධයෝද ඉතා පහසුවෙන් ඒ ළාමක කතාවලට රැවටෙති. 

💥 ලංකාවේ බොහෝ බෞද්ධයන්ට ඇත්තේ කිසිදු ස්ථාවර අදහසකින් තොර, එන එන අතට හැරෙන, රැල්ලේ ගසාගෙන යන සෙලවෙන මනසකි. බෞද්ධ සංස්කෘතියේ එන චින්තන නිදහසම පාරා වළල්ලක් කරගත් මේ බෞද්ධයෝ හික්මීමක් නැති විචාරශීලීත්වය ඔස්සේ අන්ධ අවිචාරශීලීත්වයේ ගැඹුරටම ගිලී සිටිති. මේ නිසාම ඔවුහු ඉතා පහසුවෙන් නිරාගමිකයන්ගේ ළණු ගිලීමට පෙළඹෙති. 

💥 මේ නිසාම කිසිදු ආත්ම ගරුත්වයක් නැති, කොලිටියක් නැති, සමාජ මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ රැඟුම් පෑමට, කුණුහරප කීමට කිසිදු ලැජ්ජාවක් නැති ඕනෑම හිස් පඹයෙකුට ලංකාවේ බෞද්ධයන් අතර වීරයෙකු වීම ඉතා පහසුවෙන් කළ හැක්කකි. එවැනි හිස් වීරයන්ට වන්දනා කරමින් ඔවුන් ලවා ඔළුවට පහරවා ගැනීම ලංකාවේ බෞද්ධයන්ගේ නිත්‍ය පිළිවෙතකි. 

💥 කාලයක් තිස්සේ සිදුවෙමින් තිබෙන මේ සියුම් විනාශයේ තරම තේරුම් ගනිමින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තරම් බුද්ධියක් අවබෝධයක් ඇති බෞද්ධ නායකයෝ, ජාතිකවාදී නායකයෝ, භික්ෂූහු ආදීහුද ඉතා විරල වෙති. ඒ නිසාම ඔවුන් තමන්ගේ දෛනික කටයුතු හෝ වෙන මොන මොනවා හෝ කරමින් තම කාලය ගෙවා දමන විට, නිරාගමික මෙහෙයුම වේගයෙන් පෙරට ඇදෙමින් තිබේ.

- Next page

සම්බන්ධිත පුවත් | Related News

රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.
ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ ඉදිරි ගමන තීරණය කිරීමට තිබූ රුපියල් බිලියන 129.6 ක (ඇමරිකානු ඩොලර් මිලියන 392 ක) දැවැන්තම ඒකාබද්ධ සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් (SACLH) චීන රජයට අයත් China Merchants Port Holdings (CMPort) සමාගම නිල වශයෙන් ඉවත් වෙලා ඉවරයි..
අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ප්‍රධාන පුවත්

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්‍රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්‍ර වෙයි..

විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දී ඇති පරිදි, වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

සටන අත්හරින්නේ නෑ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.