News Category
From Date
To Date
Maximum Number of Result

මාධ්‍ය ප්‍රචාරණ සහ මිථ්‍යාවන් අතර සැඟවුණු ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට් රැජිනගේ සැබෑ ඉරණම..

Oct 18, 2026 at 11:19 AM
|

"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!

ඒත්, අපි ඉගෙනගත් ඒ කතාව ඇත්තක්ද? 

නැත්නම් එය ඉතිහාසයේ ලොකුම  බොරුවද? දැන් අපි කතා කරන්න යන්නේ ඒ රහස ගැන.

ප්‍රංශයට ආ ඔස්ට්‍රියා තරුණිය..

1774 දී, මාරි ඇන්ටොනෙට් ප්‍රංශයේ රැජින බවට පත්වන්නේ ඇයට වයස අවුරුදු 18ක් තරම් වූ ඉතා අඩු වයසකින්. එසේම ඇය ප්‍රංශයට පැමිණියේ සිය කැමැත්තෙන් නොව එක් දේශපාලන ගිවිසුමක කොටසක් ලෙසයි. 

ප්‍රංශය සහ ඔස්ට්‍රියාව කියන්නේ ඉතිහාසය පුරාම එකිනෙකා සමඟ සටන් කළ සාම්ප්‍රදායික සතුරන් දෙදෙනෙක්.. එම අසතුටුදායක තත්ත්වය නැතිකර, සාමය තහවුරු කිරීමට ඔස්ට්‍රියානු අධිරාජිනියගේ දියණිය වූ මාරි ඇන්ටොනෙට්ව, ප්‍රංශයේ 16 වැනි ලුවී රජුට විවාහ කර දුන්නා.. 

එහෙත් ගැටළුව වුණේ මෙයයි. එදා සිටි ප්‍රංශ ජනතාව හෝ ප්‍රංශයේ සිටි ප්‍රභූ පන්තිය කිසිදා ඇයව තමන්ගේ කෙනෙකු ලෙස පිළිගත්තේ නැහැ.. හේතුව ඇයගේ උපත ඔස්ට්‍රියානු වීම! 

ප්‍රංශ පොදු ජනයා  ඇයව හැඳින්වූයේ, "L'Autrichienne" අරුතින් 'ඔස්ට්‍රියානු ගැහැණිය' ලෙසයි. මෙය ප්‍රංශ බසින් "බැල්ලිය" යන වචනයට සමාන ශබ්දයක් ඇති වන පරිදි, ඔවුන් අපහාසාත්මකව භාවිතා කළ යෙදුමක්. 

ඒ නිසා ඇය කුමක් කළත්, කෙසේ හැසුරුණත් එරට රැඩිකල් දේශපාලඥයන්ට සහ ඔවුන්ට සමීප මුද්‍රිත මාධ්‍යයන්ට ඇයව පෙනුණේ, "ප්‍රංශය විනාශ කිරීමට ආ විදේස් ඔත්තුකාරියක" ලෙසයි.

18 වැනි සියවසේ අගභාගය වන විට ප්‍රංශයේ පුවත්පත්, පත්‍රිකා සහ විකට රූප ඉතා ජනප්‍රිය වෙමින් පැවතුණා.. එකල තිබූ පුවත්පත් අද මෙන් තොරතුරු වාර්තා කිරීමට වඩා ප්‍රිය කළේ, චරිත ඝාතනය කිරීමට..

අපේ අද කතා නායිකාව වන මාරි ඇන්ටොනෙට්, ඉතා ඉක්මනින්ම මේ අසූචි ගැසීමේ ව්‍යාපාරයේ එකම හා ප්‍රධානම ඉලක්කය බවට පත්වුණා.. ඇය අතිශය දුෂිත, ප්‍රතිපත්තික නොවන චරිතයක් ලෙස, ඔවුන් කාටූන් මගින් චිත්‍රණය කළා!

ප්‍රංශයේ ආර්ථිකය කඩාවැටෙන්නට පටන් ගත් විට, සමස්ත රටේම මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ඇයගේ අධික වියදම් බවට එම මාධ්‍ය විසින් ප්‍රචාරය කළා.. 

ඒ සදහා ඔවුන් ඇයට "Madame Déficit" හෙවත් 'පාඩුවේ රැජින' නැත්නම් 'ණයකාර රැජින' යන නම් පටබැන්දා. නමුත් රටේ සැබෑ තත්ත්වය වුයේ කුමක්ද?

එකල ප්‍රංශය දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දී සිටි බව සහතික ඇත්ත. නමුත් ඊට හේතුව වුණේ මාරි ඇන්ටොනෙට්ගේ ඇඳුම් හෝ ආභරණ නම් නෙමෙයි. ප්‍රංශය ඊට පෙර වසර ගණනාවක් පුරා, අතිවිශාල මුදලක් වැය කරමින් ඇමරිකානු නිදහස් සංග්‍රාමයට අරමුදල් සැපයුවා..

අද දකුණු ආසියාතික රටවල මෙන් එදා ප්‍රංශයේ පැවති අසාධාරණ බදු ක්‍රමය නිසා, උසස් ප්‍රභූන් සහ ධනවත් පූජකයන් බදු වලින් නිදහස්ව සිටි අතර, සමස්ත බදු බර පැටවුණේ දුප්පත් මහජනතාව මත.

මාරි ඇන්ටොනෙට් රැජිනගේ පෞද්ගලික වියදම් කියන්නේ සැබැවින්ම ප්‍රංශයේ සමස්ත ජාතික අයවැයෙන්, ඉතා කුඩා අංශුමාත්‍ර ප්‍රතිශතයක් පමණයි. 

නමුත් එදා සිටි දේශපාලඥයන්ට තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට 'බිලිබෝයි' කෙනෙකු අවශ්‍ය වුණා.. අවසානයේ ඔවුන්ගේ මාධ්‍ය හරහා, බිලිබෝයි ලෙස මාරි ඇන්ටොනෙට්ව සාර්ථකව ජනතාව හමුවේ තැබුවා..

දියමන්ති මාලයේ වංචාව..?

මේ අතර වර්ෂ 1785දී මාරි ඇන්ටොනෙට්ගේ නමට අතිවිශාල කැළලක් ඇති කළ එක් සිදුවීමක් සිදුවුණා..  ඒ තමයි, "දියමන්ති මාලයේ වංචාව."

ඒක සිදුවුණේ මෙහෙමයි. අතිශය අධික මිලකට අලෙවි කිරීමට තිබූ දියමන්ති මාලයක්, කතෝලික කාදිනල් කෙනෙක්  සහ කාන්තාවක එක්ව ඇන්ටොනෙට් රැජිනගේ නම සහ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් වංචනික ලෙස ලබාගෙන තිබුණා..

මෙහිදී ඉතා හොදින් මතක තබාගත යුතු කරුණ, මේ වංචාවට මාරි ඇන්ටොනෙට්ගේ කිසිදු සම්බන්ධයක් නොතිබීම. කොටින්ම, ඇය ඒ බව දැන සිටියේවත් නැහැ! පසුව අධිකරණය හමුවේ ඇය නිවැරදිකරු බව ඔප්පු වුණා. 

නමුත් අර මාධ්‍ය ප්‍රචාරය නිසා ජනතාව පිළිගත්තේ කුමක්ද? "නැහැ, ඇය තමයි ඒ මාලය හොරෙන් ගත්තේ... ශික් මේ මාරි නම් ඕනෑම පහත් වැඩක් කරන ගැහැණියක්..."

එදත් මිනිසුන් තමන් විශ්වාස කිරීමට කැමති අසත්‍යය මිස, සැබෑ නීතිමය සත්‍යය පිළිගැනීමට සූදානම් වූයේ නැහැ. මේ විදියට සත්‍යය සැගවෙද්දි, බොරුව මුළු රට පුරාම ලැව්ගින්නක් සේ පැතිර යන්නට වුණා..

"......කේක් කන්න කියන්න"

ඉතිහාසයේ ලොකුම අසත්‍ය ප්‍රචාරය!

දැන් අපි මුලින්ම කතා කළ, ඒ සුප්‍රකට වාක්‍යයට එමු. "ඔවුන්ට කන්න පාන් නැත්නම් කේක් කන්න කියන්න" 

ජනතාවට පාන් නැති බව ඇසූ විට මාරි ඇන්ටොනෙට් මෙසේ කී බවයි ජනප්‍රවාදයේ එන්නේ.. නමුත් මාරි ඇන්ටොනෙට් කිසිදාක එවැනි කතාවක් කියා නැහැ.

මේ වාක්‍යය මුලින්ම සඳහන් වන්නේ ජොන්-ජැක් රූසෝ විසින් 1782 දී ලියන ලද "Confessions" නම් කෘතියෙයි. ඔහු එය ලියන විට මාරි ඇන්ටොනෙට් කුඩා දැරියක්! 

රූසෝ එහි සඳහන් කරන්නේ, "මහා කුමාරිකාවක" කී කතාවක් ලෙස. ඒ වගේම විප්ලවය පැවති සමයේ ප්‍රංශයේ ප්‍රකාශයට පත් වූ එකදු පුවත්පතක හෝ පත්‍රිකාවකවත්, මාරි ඇන්ටොනෙට් මෙවැනි කතාවක් කී බවට සඳහනක් නැහැ.

මෙම මිථ්‍යාව ඇගේ නමට ඈඳනු ලැබුවේ ඇගේ මරණයෙන් පසුව ඇයව ඉතිහාසය පුරාම දුෂ්ටයෙකු ලෙස පෙන්වීමට යොදාගත් දේශපාලනික ප්‍රචාරණයක්  නිසයි.

සැබැවින්ම දුප්පත් ජනතාවගේ ආහාර හිඟය ගැන මාරි ඇන්ටොනෙට් තම පවුලේ අයට යැවූ ලිපිවල සඳහන් කර තිබුණේ අතිශය සංවේදී අදහස්. ජනතාව විඳින දුක ගැන ඇය කණගාටු වූ අතර, ඇය තමන්ගේ පෞද්ගලික මුදලින් අසරණයන්ට උපකාර කිරීමටද කටයුතු කළා.. නමුත් විප්ලවයේ මාධ්‍ය ඒ කිසිවක් ජනතාවට පෙන්වූයේ නැහැ.

අමානුෂික නඩු විභාගය..

1789 දී ප්‍රංශ විප්ලවය ආරම්භ වුණා. රජ පවුල සිරගත කරනු ලැබුවා.. 16 වැනි ලුවී රජුව 1793 ජනවාරි මාසයේදී ගිලටීනයට යවා ඝාතනය කළා. ඊළඟ ඉලක්කය වූයේ මාරි ඇන්ටොනෙට් රැජිනයි.

ඇයට එරෙහිව පැවැත්වුණේ සාධාරණ නඩු විභාගයක් නෙමෙයි. එය හුදෙක් ඇයව ඝාතනය කිරීම සඳහාම රඟදැක්වූ "පෙනුමට පමණක් පැවැත්වූ නාට්‍යයක්" හෙවත් "Show Trial" එකක් පමණයි. 

එහිදි ඇයට එරෙහිව රට පාවාදීමේ චෝදනා එල්ල වුණා. නමුත් එය ඔප්පු කරගත නොහැකිව නඩු විභාගයේදී එල්ල වූ වඩාත්ම ශෝචනීය සහ කුරිරු චෝදනාව කුමක්ද?

විප්ලවවාදීන් විසින් ඇයගේ අවුරුදු 8ක් වයසැති කුඩා පුතණුවන් වන ලුවී-චාර්ල්ස් සිරගත කර, ඔහුට පහර දී බියගන්වා, 'තම මව තමාට ලිංගික අපයෝජනය කළ බවට" ව්‍යාජ සාක්ෂියක් ලබාගත්තා!'

තම කුඩා පුතා ලවාම තමන්ට එරෙහිව මෙවැනි අසත්‍ය සහ අමානුෂික චෝදනාවක් නැගීමට සැලැස්වූ විට මාරි ඇන්ටොනෙට් අධිකරණය හමුවේ දැක්වූ ප්‍රතිචාරය ඉතිහාසයේ අමරණීයයි. 

ඇය සභාව දෙස බලමින් මෙසේ ඇසුවා, "ස්වභාවධර්මය විසින්ම මවකට ලබාදී ඇති ආදරයට එරෙහිව එල්ල වූ මේ චෝදනාවට පිළිතුරුදීම මම ප්‍රතික්ෂේප කරමි. මෙහි සිටින සියලුම මව්වරුන්ගෙන් මම ඉල්ලා සිටිමි, මවකට මෙවැනි දෙයක් කළ හැකි යැයි ඔබ විශ්වාස කරන්නේද?"

එම වචන හමුවේ මුළු සභා ගැබම නිහඬ වුණා. නමුත් බලයේ සිටි විප්ලවවාදීන්ට අවශ්‍ය වූයේ සත්‍යය නෙමෙයි. ඇගේ ලේ දැකීමටයි. ඉතින්, ඇයට මරණ දණ්ඩනය නියම වුණා!

ගිලටීනය හමුවේ පෑ උදාරත්වය..

1793 ඔක්තෝබර් 16 වැනිදා, ඇගේ කොණ්ඩය කපා දැමුණා. ඇයට අඳින්නට දුන්නේ සරල සුදු ඇඳුමක් පමණයි. ඔවුන් අමානුෂික අයුරින් ඇයව විවෘත කරත්තයක තබා පැරිස් නුවර වීදි දිගේ ගෙන ගියා. පාර දෙපස සිටි ජනතාව ඇයට දෙස බැණ වදිමින්, කෙළ ගසමින් අපහාස කළා.. 

නමුත් මාරි ඇන්ටොනෙට් තම හිස කෙළින් තබාගෙන, අතිශය ගෞරවනීය ලෙස ඒ සියල්ල දරාගත්තා.. ඇය ගිලටීනය වෙත නැගී යන අතරතුර අහම්බයෙන් ඇගේ පය, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන වධකයාගේ පයේ වැදුණා!  එවෙලෙහි ඇය පැවසූ අවසාන වචන ටික කුමක්ද දන්නවාද? 

"අනේ සමාපත්වන්න මහත්මයා, මම ඒක කළේ ඕනෑකමින් නෙමෙයි." 

තමන්ව මරණයට කැපකර සිටින මිනිසාගෙන් පවා සමාව ඉල්ලීමට තරම්, ඇය අවසාන තත්පරයේ දී පවා අතිශය නම්‍යශීලී, ගෞරවනීය සහ මානුෂීය කාන්තාවක් වුණා..

ඉන් පසුව මේ යෝධ ගිලටීන් තලය පහත වැටුණා.. විප්ලවයේ මාධ්‍ය විසින් නිර්මාණය කළ ලොකුම දුෂ්ටයාගේ ජීවිතය එයින්  නිමාවට පත්වුණා..

හිතන්න, අද සමාජයත් වෙන්නේ මේකම නේද?  අද අපි ජීවත් වන සමාජය දෙස පොඩ්ඩක් බලන්න. අපි කොපමණ ඉක්මනින් මිනිසුන්ගේ චරිත ඝාතනය කරනවාද? 

සත්‍යය කුමක්දැයි සෙවීමටවත් උත්සාහ නොකර, යමක් ට්‍රෙන්ඩින් වන පලියට අපිත් එකට එකතු වී කවදාවත් හමුනොවූ, කතා නොකළ, නොදන්නා, කෙනෙකුට බණිනවා නේද? ලියනවා නේද? ෂෙයාර් කරනවා නේද?

දේශපාලඥයන් සහ බලවතුන් තමන්ගේ වැරදි වසා ගැනීමට සහ ජනතා  අවධානය වෙනතකට යොමු කිරීමට කෙනෙක් "බිලිබෝයි" කරද්දී අපි කොපමණ ලේසියෙන් එයට රැවටෙනවාද?

එදා මාරි ඇන්ටොනෙට්ට  මුහුණ දීමට සිදු වූයේ මුද්‍රිත මාධ්‍යවල බොරු වලටයි. ඒත් අද අප මුහුණ දෙන්නේ ඊටත් වඩා සූක්ෂම විද්‍යුත් මාධ්‍ය ජාල මෙහෙයවන අති සුක්ෂ්ම ප්‍රචාරණ වලටයි. අද ඔවුන් චරිත ඝාතන කරන්නේ දාම ක්‍රම වලට ඒ සදහා ජුගුප්සාජනක ප්‍රවාද නිර්මාණය කිරීමට ඔවුන් මහා රුසියන්.. 

මෙම ජායාරූප වලින් දැක්වෙන්නේ 16 වන ලුවී රජු සහ මාරි ඇන්ටොනෙට් රැජින දණ ගසා දෙවියන් වහන්සේ අභිමුව යාඥා කරන අයුරින් මූර්තිමත් කර ඇති ආකාරය..

මාබල් වලින් නිමවා ඇති මෙම මූර්ති, ඔවුන්ගේ ජීවිතයේ අවසන් දුක්බර ඉරණම අපුරුවට පෙන්වනවා. මේවා ඇත්තේ පැරිස් නගරයට උතුරු දෙසින් පිහිටි ඓතිහාසික ශාන්ත ඩෙනිස් බැසිලිකාවේ යි. 

ප්‍රංශයේ බොහෝ රාජකීයයන් තැන්පත් කර ඇත්තේ එම බැසිලිකාවේ. විප්ලවයෙන් ඝාතනය කළ රජුගේ සහ රැජිනගේ දේහයන් පසුව මෙහි ගෙනවුත් තැන්පත් කරන ලද අතර, ඔවුන්ගේ මතකයට ගෞරව පිණිස මෙම දැවැන්ත කැටයම නිර්මාණය කරන ලදී.

මෙම ගිලටීන තලය ද ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සහ සංවේදී පුරාවස්තුවකි. මෙහි දැක්වෙන්නේ, 1793 වසරේදී මාරි ඇන්ටොනෙට් රැජිනගේ හිස ගසා දැමීම සඳහා භාවිතා කළ සැබෑ ගිලටීන තලයම යි. 

මෙය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ තැනැත්තාගේ පවුලෙන් මිලදී ගෙන ඇති බව එහි දැක්වෙන සටහනේ සඳහන් වේ. මෙම තලයෙන් එදා ගෙල කැපී මිය යන විට මාරි ඇන්ටොනෙට්ගේ වයස අවුරුදු 37කි.

අවසන් වශයෙන් ප්‍රංශ බසින්, "කිල් මාන්ජ් ද ලා බ්‍රියෝෂ්" හෙවත් පාන් නැත්නම් කේක් කාපන් කියමනේ සත්‍ය අනුවේදනීය කතාව ජනමාධ්‍ය වලින් පුවත් අසන විට, දකින විට හා කියවන විට අප හොදින් සිහියේ තබාගත යුතු  කාරණාවකි. 

- සාගර දියගම 

සම්බන්ධිත පුවත් | Related News

ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රහාරය සිදුවූයේ දළදා වහන්සේ පැහැර ගැනීමට නොව පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලකර ආයුධ පැහැර ගැනීමටය. මේ පිළිබඳ සොයා බැලීමට මම මෙයට වසර 20කට පමණ පෙර දළදා මාලිගා ප්‍රහාරයට සම්බන්ධවීමේදී එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරූ තිදෙනාම නුවරට ගොස් හමුවිය. එමෙන්ම නඩුව විභාගකළ නුවර මහාධිකරණ විනිසුරු විනිසුරු නිශ්ශංක උදලාගම (එවකට විශ්‍රාමික) සහ ආරක්ෂක අංශයේ පාර්ශ්වයන්ද ප්‍රහාරයට එක්වී එයට හසුනොවූ කැරලිකරුවන් කීපදෙනෙක් සමගද සාකච්ඡා කළෙමි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලවූයේ 1989 පෙබරවාරි 8දාය.
අද ඥානසාර හාමුදුරුවන්ගේ පා ගමනට සිවුරක් අන්දලා ජෙප්පෙක් එවලා වැඩේ කඩාකප්පල් කරන්න.
දළදා මහ කරඬුවේ රන් ආලේප කිරිම ලැකර් ගෑමක් යැයි සමාජගත කිරිමට යන නිසා රන් ආලේප කිරිමේ පින්කම පිළිබඳව නිවැරදි විස්තරයක් සටහන් කිරිමට සිතුවෙමි.
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.

ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.