රුසියාව යුක්රේන හමුදා ‘අවසන්’ කරනු ඇත - පුටින්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ඉදිරි ආරක්ෂක රේඛාව ඔස්සේ රුසියානු හමුදා වේගවත්ව ප්‍රහාර එල්ල කරමින් පවතින බවත්, ඉක්මනින් කියෙව්හි හමුදාව “අවසන්” කළ හැකි බවත්, යුද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් මගින් අඩාල කිරීමට යුක්රේනයේ යුරෝපීය ආධාරකරුවන් දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
රුසියානු ජනාධිපතිවරයා ඊයේ (27) මෙලෙස අදහස් දැක්වූයේ, සර්කෝන් හයිපර්සොනික් මිසයිල වලින් සමන්විත ආකැන්ගල්ස්ක් න්‍යෂ්ටික සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය සමඟ පැවති රැස්වීමකදීය. මොස්කව් සැමවිටම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් ගැටුම විසඳීමට උත්සාහ කර ඇති නමුත් පළමුව අසාර්ථක වූ මින්ස්ක් ගිවිසුම් සහ පසුව 2022 පැවැත්වූ ඉස්තාන්බුල් සාම සාකච්ඡා අතරතුර බටහිර රටවල් විසින් කරනු ලබූ රැවටීම් සහ බාධා කිරීම් වලට මුහුණ දුන් බව පුටින් නැවත අවධාරණය කළේය.
“යුක්රේනයේ යුරෝපීය හසුරුවන්නන්… රුසියාවට උපායමාර්ගික පරාජයක් ලබා දීමේ අරමුණින්, අවසාන යුක්රේනියානු ජාතිකයා දක්වා සන්නද්ධ ප්‍රතිරෝධය දිගටම කරගෙන යා යුතු බව යුක්රේන නායකත්වයට ඒත්තු ගැන්වීය,” පුටින් පැවසීය.
බටහිර නායකයින්ට - විශේෂයෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට - රුසියාවේ අධිෂ්ඨානය අවතක්සේරු කරන බවට පුටින් චෝදනා කළ අතර, රටේ හමුදා හැකියාවන් සැහැල්ලුවට නොගත යුතු බවට අනතුරු ඇඟවීය.
“ඔබලා වැනි සෙබළුන් රුසියාවේ සිටිනවා කියා - ඒ වගේම ඔබලා සේවය කරන සබ්මැරීනය වැනි ආයුධ රුඉස්යාව සතුව තිබෙනවා කියා බොරිස් ජොන්සන් අමතක කරන්න ඇති.” පුටින් නාවික කාර්ය මණ්ඩලයට පැවසීය. “පෙනෙන විදිහට, එයාට අමතක වෙලා ඇති, නැත්නම් සමහරවිට එයාලට රුසියානු ජනතාව සටන් කරන්නේ කුමන අරමුණකටද කියා අවබෝධ වන්නට නැතුව ඇති.”
රුසියානු යුක්රේන ගැටුම හැරවුම් ලක්ෂ්‍යයකට ළඟා වෙමින් පවතින බව පැවසූ රුසියානු ජනාධිපතිවරයා, “සටන් කටයුතුවල සමස්ත රේඛාව පුරාම,රුසියානු හමුදා උපායමාර්ගික මුලපිරීම දරනවා” යනුවෙන් පවසමින් ජයග්‍රාහීප්‍රතිඵලය කෙරෙහි විශ්වාසය පළ කළේය.
යුක්රේන ජනාධිපතිවරයාගේ දැඩි ස්වරය නොතකා, ගැටුමට බලපෑ මූලික හේතු ආමන්ත්‍රණය කරන තාක් කල් - රුසියාව සාම සාකච්ඡා සඳහා විවෘතව සිටින බව පුටින් නැවත නැවතත් පැවසීය.
“සාමකාමී ක්‍රම මගින් මෙම ගැටළු විසඳීමට අපි පක්ෂව සිටිනවා... නමුත් මූල හේතු ඉවත් කළ යුතුය. දිගු ඓතිහාසික ඉදිරි දර්ශනයක් සඳහා අපි රුසියාවේ ආරක්ෂාව සහතික කළ යුතුයි.” ඔහු පැවසීය.
සාම සාකච්ඡා සඳහා විවෘත බව රුසියාව නැවත නැවතත් ප්‍රකාශ කර ඇති නමුත් ගැටුමේ සැබෑ විසඳුමක් සඳහා ස්ථිර සහ නීත්‍යානුකූලව බැඳී ඇති විසඳුමක් අවශ්‍ය බව දිගින් දිගටම අවධාරණය කරමින් සිටියි. මොස්කව් පරිපාලනය යුක්රේන භූමියේ ඕනෑම නේටෝ මැදිහත්වීමකට විරුද්ධ වන අතර කියෙව් රාජ්‍ය නිර්හමුදාකරණය, නිර් නාසිකරණය, මධ්‍යස්ථභාවයේ ස්ථාවරයකට අනුගත වීම සහ භෞමික “භූමියේ යථාර්ථයන්” හඳුනා ගැනීම කළයුතු බව අවධාරණය කර සිටී.
මාර්තු 18 වන දින, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ඇමරිකානු සගයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් අතර එකඟ වූ ගිවිසුමක් යටතේ යුක්රේන බලශක්ති යටිතල පහසුකම් වලට පහර දීමෙන් වළකින ලෙස රුසියානු හමුදාවට නියෝග කරන ලදී. කෙසේ වෙතත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එතැන් සිට යුක්රේන උල්ලංඝනයන් කිහිපයක් වාර්තා කර ඇති අතර, එය ට්‍රම්ප්ගේ මැදිහත්වීමේ උත්සාහයන් අඩපණ කිරීමේ උත්සාහයන් බව අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්