අදානි ගියාට රනිල් දුකෙන්
ශ්‍රී ලංකාවට මහාපරිමාණ විදේශ ආයෝජන නොලැබෙන බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කනස්සල්ල පළකර තිබේ.
එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ, ඩොලර් මිලියන 700 ක වටිනාකමකින් යුත් අදානි (Adani) ව්‍යාපෘතිය ඇණහිටීම හේතුවෙන් රටේ ආර්ථික ප්‍රකෘතියට විශාල පසුබෑමක් සිදුවනු ඇති බවයි.
“අදානි ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් පමණ වනවා. එය විහිළුවක් නෙමෙයි. අපට යථා තත්ත්වයට පත් වීමට එම මුදල් අවශ්‍යයි,” යනුවෙන් පැවසූ රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, ත්‍රිකුණාමලයේ අතිරේක සංවර්ධන ව්‍යාපෘති මගින් තවත් ඩොලර් මිලියන 400-500ක් පමණ ගෙන ඒමට හැකිව තිබූ බවයි.
“නිකමට සිතන්න – ඩොලර් බිලියනයකට වඩා වැඩි ආයෝජන නතර කරලා තිබෙනවා” යනුවෙන් දෙරණ නාලිකාවේ විකාශය වූ ‘@Hydepark’ වැඩසටහන සමග එක්වෙමින් පැවසූ රනිල් වික්‍රමසිංහ, වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන අවිනිශ්චිත ස්ථාවරය පිළිබඳව, විශේෂයෙන්ම 2023 ඉන්දු-ශ්‍රී ලංකා දැක්ම ලේඛනය යටතේ සිය කැපවීම් සම්බන්ධයෙන් කලකිරීමක් පවතින බවයි.
“මට මෑතකදී මුණගැසුණා බොහෝ ඉන්දියානුවන්, එය මට ලැජ්ජාවක් වුණා. මෙම ව්‍යාපෘති සළකා බලමින් පවතින බව මම ඔවුන්ට පැවසුවා. නමුත් සත්‍යය නම්, ඔවුන් තවමත් සළකා බලනවාද නැතහොත් ප්‍රතික්ෂේප කර තිබේද යන්න මම දන්නේ නෑ,” යනුවෙන් ද ඔහු එහිදී පැවසුවේය.
මෙම ආයෝජනවල ප්‍රමාදයන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතාවලට හානි කළ හැකි අතර, අනෙකුත් ආයෝජකයන්ගේ පැමිණීම වළක්වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.
“ඉන්දියාව අපේ රට තුළ ආයෝජනය කළ පසු ඒක අනෙක් අය අනුගමනය කරයි. 2050 වන විට ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වෙන්න පුලුවන්. අපට වර්ධනය අවශ්‍ය වන අතර එය සාක්ෂාත් කරගැනීමට ඇති එකම ක්‍රමය වෙනත් රටවල් සමඟ වැඩකිරීම සහ විදේශ ආයෝජන සඳහා ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීමයි” ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයකට පැමිණ ඇති බව පිළිගත් රනිල් වික්‍රමසිංහ පැවසුවේ දිගුකාලීන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින බවයි.
“මේ වන විට, අපි ස්ථාවර වෙමින් සිටිනවා, තවත් කිසිවක් නැහැ ඉදිරියට යාමට, අපට විශාල වෙනස්කම් අවශ්‍ය වෙනවා. අපි දුප්පත් වීමට අවශ්‍ය නැහැ. අපට ඩොලර් ට්‍රිලියන ආර්ථිකයක් ගොඩනගා ගත හැකිය, අපි ඒ සඳහා යා යුතුයි,” ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..