තායිවාන ස්වදේශිකයන්ගේ පුද්ගලික තොරතුරු වල ආරක්ෂාව ප්‍රධාන භූමිය දැඩි ලෙස ආරක්ෂා කරනවා: තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක
අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව අදාළ සහතික දරන තායිවාන ස්වදේශිකයන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂාව ප්‍රධාන භූමියේ බලධාරීන් දැඩි ලෙස ආරක්ෂා කරන බව චීන රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද(26) පැවසීය. මෙම ප්‍රකාශය කරනු ලැබුවේ ප්‍රධාන භූමි හැඳුනුම්පත් ලේඛන තම සන්තකයේ තබාගෙන සිටින තායිවාන දිවයිනේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (Democratic Progressive Party- DPP ) බලධාරීන්ගේ විමර්ශනය පිළිබඳ මාධ්‍ය විමසීමට පිළිතුරු වශයෙනි.
මෙම "පරීක්ෂණ" සහ ඊනියා "ප්‍රධාන භූමි කටයුතු කවුන්සිලයේ" ප්‍රධානී චියු චුයි-චෙන්ග් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ විට, ප්‍රධාන භූමියේ සේවය කරන තායිවානයේ ප්‍රසිද්ධ පුද්ගලයින් ප්‍රධාන භූමි හැඳුනුම්පත් ලේඛන තබා ගන්නේද යන්න ඪ්ඵ්ඵ් බලධාරීන් විමර්ශනය කරන බවත්, එසේ කළහොත් ඔවුන්ගේ තායිවාන අනන්‍යතා අවලංගු කරන බවත්, රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා අද(26) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වූයේ ඪ්ඵ්ඵ් බලධාරීන් ප්‍රධාන භූමියට අදාළ ලේඛන තබාගෙන සිටින තායිවාන ස්වදේශිකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා නැවත නැවතත් පෙනී සිටින බව පෙන්වාදෙමිනි.
මෙහි අරමුණ වන්නේ සමුද්‍ර සන්ධිය හරහා ස්වදේශිකයන් සමීප වීමට සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට දරන උත්සාහයන්ට බාධා කිරීම සහ කඩාකප්පල් කිරීම සඳහා "හරිත භීෂණය" නිර්මාණය කිරීම බවත්, තායිවාන දිවයිනේ මහජනතාව රවටා සංවෘත දොරවල් පිටුපස "තායිවාන නිදහස" සඳහා කටයුතු කිරීම දිගටම කරගෙන යන බවත් චෙන් පැවසීය.
"මෙම අභිප්‍රාය සැමට පැහැදිලිය. එවැනි පසුගාමී ක්‍රියා දැනටමත් තායිවාන දිවයිනේ ජනතාවගෙන් වැඩිවන අතෘප්තිය සහ දැඩි විරෝධය අවුලුවා තිබෙනවා." චෙන් සඳහන් කළේය.
"ප්‍රධාන භූමියේ අදාළ දෙපාර්තමේන්තු අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව අදාළ සහතික දරන තායිවාන ස්වදේශිකයන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂාව දැඩි ලෙස ආරක්ෂා කරන බව මම නැවත වරක් අවධාරණය කිරීමට කැමැතියි. තායිවාන ස්වදේශිකයන්ට මෙම සේවාවන් විශ්වාසයෙන් භාවිතා කළ හැකියි." චෙන් තවදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්