යුක්රේන ප්‍රහාරයකින් තවත් රුසියානු මාධ්‍යවේදිනියක් මිය යයි
රුසියානු චැනල් වන් හි යුද වාර්තාකාරිනී ඇනා ප්‍රොකොෆීවා අද(26) යුක්රේනයට මායිම්ව පිහිටි බෙල්ගොරොඩ් කලාපයේ රාජකාරියේ යෙදී සිටියදී මිය ගොස් ඇතැයි වාර්තා වේ. චැනල් වන් පුවත් සේවය ඇගේ මරණය තහවුරු කළ අතර සිද්ධිය අතරතුර කැමරාකරු දිමිත්‍රි වොල්කොව් ද තුවාල ලබා ඇති බවද පැවසීය.
ප්‍රොකොෆීවා ක්‍රියාකාරී සටන් සිදුවන අසල ප්‍රදේශයක් වන ඩෙමිඩොව්කා ගම්මානයේ සේවය කළ බව වාර්තා වේ. මුල් වාර්තාවලට අනුව, 35 හැවිරිදි මාධ්‍යවේදිනිය ඩ්‍රෝන ප්‍රහාරයකින් හෝ මාරාන්තික කැබලි තුවාලයකින් මිය ගොස් ඇතැයි පැවසුවද සිද්ධිය පිළිබඳව ලැබෙමින් පවතින වාර්තා ඊට වෙනස් බවද පැවසේ.
මෙම සතිය මුලදී, ලුගන්ස්ක් මහජන ජනරජයේ (LPR) සහ කර්ස්ක් කලාපයේ යුක්රේන ප්‍රහාරවලින් ප්‍රවෘත්ති කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගියහ.
ප්‍රොකොෆීවා පසුගියදා දිනවල, මෑතකදී නිදහස් කරන ලද සුඩ්ෂා නගරයේ සිට වාර්තා කරමින් සිටි අතර, එහිදී ඇය ප්‍රදේශයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමට උදව් කළාය.
“චැනල් වන් යුද වාර්තාකාරිනී ඇනා ප්‍රොකොෆීවා රාජකාරියේ යෙදී සිටියදී මිය ගියාය. මෙය සිදු වූයේ යුක්රේනයේ මායිමේ පිහිටි බෙල්ගොරොඩ් කලාපයේ, චැනල් වන් ප්‍රවෘත්ති කණ්ඩායම සතුරන්ගේ බිම් බෝම්බයකට ගොදුරු වීම හේතුවෙනි.” පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇගේ මරණය මුලින්ම වාර්තා කළේ හමුදා බ්ලොග්කරුවෙකු වන ව්ලැඩිමීර් රොමානොව් විසිනි, ඔහු අද(26) සිය කතුවැකිය තුළ ඇය මිය ගිය බව ලියා තැබුවේය. රොමානොව් ඔහුගේ ටෙලිග්‍රෑම් නාලිකාව හරහා ප්‍රොකොෆීවා ක්‍රස්නොයාරුෂ්ස්කි දිස්ත්‍රික්කයේ ඩෙමිඩොව්කා ගම්මානයේ සේවය කරමින් සිටි බව පැවසුවේය.
චැනල් වන් කැමරා ශිල්පී දිමිත්‍රි වොල්කොව් බරපතල තුවාල ලබා ඇති බව වැඩබලන කර්ස්ක් ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් කිංස්ටයින් පවසයි. මේ වන විට ප්‍රතිකාර සඳහා ඔහුව හදිසියේ කර්ස්ක් ප්‍රාදේශීය රෝහලට ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ..
සිද්ධිය වන අවස්ථාවේ වොල්කොව් ප්‍රොකොෆීවා සමඟ එක්ව සේවය කළ බව ප්‍රවෘත්ති සේවය මීට පෙර වාර්තා කර තිබුණි.
ප්‍රොකොෆීවා මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් (RUDN) ජනමාධ්‍ය සම්බන්ධයෙන් උපාධියක් ලබා ඇති අතර ස්පාඤ්ඤ භාෂාව චතුර ලෙස හැසිරවීමට හැකියාව තිබුණු තැනැත්තියක් විය. චැනල් වන් හා සම්බන්ධ වීමට පෙර, ඇය රොසියා සෙගොඩ්නියා ප්‍රවෘත්ති ඒජන්සියේ ස්පාඤ්ඤ භාෂා අංශයේ සේවය කළාය. 2023 දී ඇය යුක්රේන ගැටුම ආවරණය කරමින් චැනල් වන් හි යුද වාර්තාකාරිනියක් ලෙස සේවයට එක් වූවාය.
ඇයගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා, කියෙව් හිතාමතාම මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවත්මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවටත් චෝදනා කළාය.
TASS ට අනුව, ප්‍රොකොෆීවා විශේෂ හමුදා මෙහෙයුමෙහි වඩාත් තීව්‍ර සටන් ප්‍රදේශ කිහිපයක් , බොහෝ විට රුසියානු සන්නද්ධ හමුදා ස්ථානවලින් ආවරණය කළාය. මෑතකදී නිදහස් කරන ලද ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම, ගොඩනැගිලි සහ මාර්ග පිළිසකර කරන සෙබළුන් සමඟ සමීපව කටයුතු කරනු ලැබුවාය. ඇය සමහර අවස්ථා වලදී පුපුරා නොගිය ෂෙල් වෙඩි වලින් මීටර් කිහිපයක් පමණක් ඈතින් සිටිමින් සිය රාජකාරි කටයුතු වල නිරත වූ බව මාධ්‍ය ආයතනය පැවසීය. භට පිරිස් සමඟ ඇගේ වාර්තා රූගත කරන අතරතුර, ඇය කිහිප වතාවක්ම වෙඩි ප්‍රහාර වල්ට ලක් වූ බවද වාර්තා විය.
Another Russian journalist killed in Ukrainian strike
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..