යුක්රේන ප්‍රහාරයකින් තවත් රුසියානු මාධ්‍යවේදිනියක් මිය යයි
රුසියානු චැනල් වන් හි යුද වාර්තාකාරිනී ඇනා ප්‍රොකොෆීවා අද(26) යුක්රේනයට මායිම්ව පිහිටි බෙල්ගොරොඩ් කලාපයේ රාජකාරියේ යෙදී සිටියදී මිය ගොස් ඇතැයි වාර්තා වේ. චැනල් වන් පුවත් සේවය ඇගේ මරණය තහවුරු කළ අතර සිද්ධිය අතරතුර කැමරාකරු දිමිත්‍රි වොල්කොව් ද තුවාල ලබා ඇති බවද පැවසීය.
ප්‍රොකොෆීවා ක්‍රියාකාරී සටන් සිදුවන අසල ප්‍රදේශයක් වන ඩෙමිඩොව්කා ගම්මානයේ සේවය කළ බව වාර්තා වේ. මුල් වාර්තාවලට අනුව, 35 හැවිරිදි මාධ්‍යවේදිනිය ඩ්‍රෝන ප්‍රහාරයකින් හෝ මාරාන්තික කැබලි තුවාලයකින් මිය ගොස් ඇතැයි පැවසුවද සිද්ධිය පිළිබඳව ලැබෙමින් පවතින වාර්තා ඊට වෙනස් බවද පැවසේ.
මෙම සතිය මුලදී, ලුගන්ස්ක් මහජන ජනරජයේ (LPR) සහ කර්ස්ක් කලාපයේ යුක්රේන ප්‍රහාරවලින් ප්‍රවෘත්ති කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගියහ.
ප්‍රොකොෆීවා පසුගියදා දිනවල, මෑතකදී නිදහස් කරන ලද සුඩ්ෂා නගරයේ සිට වාර්තා කරමින් සිටි අතර, එහිදී ඇය ප්‍රදේශයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමට උදව් කළාය.
“චැනල් වන් යුද වාර්තාකාරිනී ඇනා ප්‍රොකොෆීවා රාජකාරියේ යෙදී සිටියදී මිය ගියාය. මෙය සිදු වූයේ යුක්රේනයේ මායිමේ පිහිටි බෙල්ගොරොඩ් කලාපයේ, චැනල් වන් ප්‍රවෘත්ති කණ්ඩායම සතුරන්ගේ බිම් බෝම්බයකට ගොදුරු වීම හේතුවෙනි.” පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇගේ මරණය මුලින්ම වාර්තා කළේ හමුදා බ්ලොග්කරුවෙකු වන ව්ලැඩිමීර් රොමානොව් විසිනි, ඔහු අද(26) සිය කතුවැකිය තුළ ඇය මිය ගිය බව ලියා තැබුවේය. රොමානොව් ඔහුගේ ටෙලිග්‍රෑම් නාලිකාව හරහා ප්‍රොකොෆීවා ක්‍රස්නොයාරුෂ්ස්කි දිස්ත්‍රික්කයේ ඩෙමිඩොව්කා ගම්මානයේ සේවය කරමින් සිටි බව පැවසුවේය.
චැනල් වන් කැමරා ශිල්පී දිමිත්‍රි වොල්කොව් බරපතල තුවාල ලබා ඇති බව වැඩබලන කර්ස්ක් ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් කිංස්ටයින් පවසයි. මේ වන විට ප්‍රතිකාර සඳහා ඔහුව හදිසියේ කර්ස්ක් ප්‍රාදේශීය රෝහලට ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ..
සිද්ධිය වන අවස්ථාවේ වොල්කොව් ප්‍රොකොෆීවා සමඟ එක්ව සේවය කළ බව ප්‍රවෘත්ති සේවය මීට පෙර වාර්තා කර තිබුණි.
ප්‍රොකොෆීවා මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් (RUDN) ජනමාධ්‍ය සම්බන්ධයෙන් උපාධියක් ලබා ඇති අතර ස්පාඤ්ඤ භාෂාව චතුර ලෙස හැසිරවීමට හැකියාව තිබුණු තැනැත්තියක් විය. චැනල් වන් හා සම්බන්ධ වීමට පෙර, ඇය රොසියා සෙගොඩ්නියා ප්‍රවෘත්ති ඒජන්සියේ ස්පාඤ්ඤ භාෂා අංශයේ සේවය කළාය. 2023 දී ඇය යුක්රේන ගැටුම ආවරණය කරමින් චැනල් වන් හි යුද වාර්තාකාරිනියක් ලෙස සේවයට එක් වූවාය.
ඇයගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා, කියෙව් හිතාමතාම මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවත්මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවටත් චෝදනා කළාය.
TASS ට අනුව, ප්‍රොකොෆීවා විශේෂ හමුදා මෙහෙයුමෙහි වඩාත් තීව්‍ර සටන් ප්‍රදේශ කිහිපයක් , බොහෝ විට රුසියානු සන්නද්ධ හමුදා ස්ථානවලින් ආවරණය කළාය. මෑතකදී නිදහස් කරන ලද ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම, ගොඩනැගිලි සහ මාර්ග පිළිසකර කරන සෙබළුන් සමඟ සමීපව කටයුතු කරනු ලැබුවාය. ඇය සමහර අවස්ථා වලදී පුපුරා නොගිය ෂෙල් වෙඩි වලින් මීටර් කිහිපයක් පමණක් ඈතින් සිටිමින් සිය රාජකාරි කටයුතු වල නිරත වූ බව මාධ්‍ය ආයතනය පැවසීය. භට පිරිස් සමඟ ඇගේ වාර්තා රූගත කරන අතරතුර, ඇය කිහිප වතාවක්ම වෙඩි ප්‍රහාර වල්ට ලක් වූ බවද වාර්තා විය.
Another Russian journalist killed in Ukrainian strike
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්