News Category
From Date
To Date
Maximum Number of Result

රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (26) පැවති සාකච්ඡාවේදී රජයේ ආදායම් හිඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වූ බවයි.

මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබේ.

69 ලක්ෂයක ජන වරමක් ලබාගත් ජනාධිපතිවරයා පළා ගිය බවත්, ඉන්පසුව අනෙකුත් අය එකතු වී රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව බාරදුන් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතානගේ මහතා නියෝග කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාතේ දේශපාලන විද්‍යායතනයේ කමිටුව, ශ්‍රී ලංකාවේ පෙරදිග දේශපාලන විද්‍යායතනය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අද(26) බොරැල්ල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්විණි.

ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදුනි.

ජනතා විමුක්ති පෙරමුණ අද කටයුතු කරන්නේ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පන්ති පහෙන් එකක් වූ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය‘ පිළිබඳව පෙර පැවති මතය අනුව දැයි ප්‍රශ්නයක් මතුවන බවත්, එදා රෝහණ විජේවීරයන් ලියූ ‘දෙමළ ඊළාම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද?‘ යන කෘතිය මගින් ප්‍රකාශ වූ මතයට අනුව ජවිපෙ අද කටයුතු කරන බව පෙනෙන්නට නැති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් මහතා පවසයි.

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.

තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.


දේශීය පුවත්

රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුරාධපුර රුවන්වැලි සෑය අසල ගැටුම: රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිස අත්අඩංගුවට නොගැනීම ගැන කරුණු කියන්නැයි අනුරාධපුර SSPට නියෝග..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණය නියෝග කර තිබේ.

ආනන්ද පාලිත ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ්..

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් එම සංස්ථාවේ අදාලව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ඩි.ඩි. ආනන්ද පාලිත ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද ( 17 ) නියෝග කළේය.

කොළඹ ගංවතුර තත්ත්වයට පාලනාධිකාරියේ අඩුපාඩුත් බලපෑවා.. අපිට තියෙන්නෙ නගර සභාවේ කමිටු හයක බලය විතරයි.. - බල්තසාර්

පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් නගර සභා පාලනාධිකාරියේ ද යම් අඩුපාඩුවක් පැවති බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පිළිගත්තාය. කොළඹ මහ නගර සභාවේ මහ සභා රැස්වීම අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

ස්ථිර ප්‍රතිපත්තියක් නැති වීම නිසා ඉන්දියාව ගෝලීය වශයෙන් නොසලකා හැරලා.. - සුබ්‍රමනියම් ස්වාමිගෙන් මෝදි ආණ්ඩුවට දැඩි විවේචනයක්

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි සිය 'X' (පෙර ට්විටර්) ගිණුම ඔස්සේ පළ කර ඇති සටහනක දක්වා ඇත්තේ ඇමරිකාව, චීනය සහ රුසියාව යන ලෝක බලවතුන්ගේ ප්‍රධාන නායකයින් හමුවී ඇති නමුත්, ඊට එක්වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට ආරාධනා නොකිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.