හිටපු ඩී.අයි.ජීට වසර පහක සිරදඬුවම්
මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.
නීතීය ඉටු කරන ආයතනයක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වු විත්තිකරු යටතේ රාජකාරී කරන නිලධාරියකුට බලපෑම් කිරීම ඉතාමත් බරපතළ කාරණයක් බව පෙන්වා දෙමින් මෙවැනි බලපෑම් කිරරීමට බලාපොරොත්තු වන අනෙකුත් නිලධාරීන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරිය විත්තිකරුට එලෙස දඬුවම් නියම කළාය.
රත්නපුර පළාත් බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට මෙලෙස දඬුවම් නියම විය.
මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොකා මල්ලී” නමැත්තා අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ලලිත් රාජමන්ත්‍රී මහතාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..