රාජ්‍ය ආයතන විකිණීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදුනි.
ඒ අනුව, අදාළ පෙත්සම සංශෝධනය කර එහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදී ඇත.
අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට අදහස් කරන බවත් ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකාබැලීම සඳහා ලබන වසරේ ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුනේ ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, හිල්ටන් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2022 වසරේ සැප්තැම්බර් මස 13 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගත් බවත්, එහෙත් ඉකුත් මාර්තු මස 21 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් අදාළ රාජ්‍ය ආයතන බැහැර කිරීමට තීරණය කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්ය.
එම ක්‍රියාව තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..