ආචාර්ය සරත් වීරසේකරට ඇමෙරිකානු වීසා ප්‍රශ්නයක් වෙලා
තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් එම චාරිකාවට අනෙකුත් ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් සමඟ සහභාගී වීමට නියමිතව තිබූ බව ආචාර්ය වීරසේකර මහතා පෙන්වා දී ඇත.
තමන්ට ඇමෙරිකානු වීසා නොලැබීම සම්බන්ධව සහ අධ්‍යන චාරිකාව සඳහා වෙනත් නමක් නිර්දේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට දන්වා සිටීම පිළිබඳ නිල වශයෙන් දැනුවත් දැයි විමසමින් ඊයේ(25) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක්ද යොමු කළ බව ද ආචාර්ය වීරසේකර මහතා පවසයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයෙකුට හැර, නම් කරන ලද අනෙක් අය සම්බන්ධයෙන් වෙනස් අයුරින් සැලකීමට අනුග්‍රාහකයාට අයිතියක් නොමැති බවත්, එසේම නාවික හමුදාවේ සිටියදී විවිධ පාඨමාලා සඳහා තමන් ඇමෙරිකාවට ගොස් තිබෙන බවත් බී1 සහ බී2 ඇමෙරිකානු වීසා වසර 5 ක කාලයක් සඳහා තමන්ට තිබෙන බවත් ආචාර්ය වීරසේකර මහතා සඳහන් කරයි.
තමන්ට අධ්‍යන චාරිකාවට සම්බන්ධ වීම සඳහා විශේෂ කැමැත්තක් හෝ හේතුවක් නොමැති බවත් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයට සම්පූර්ණ අයිතිය තිබුණත් එක් අයෙකුට වෙනස් ලෙස සැලකීම සම්බන්ධයෙන් කතානායකවරයා තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසිය යුතු බවත් එම ලිපිය මගින් කතානායකවරයාට දැනුම් දුන් බවත් ආචාර්ය වීරසේකර මහතා වැඩිදුරටත් පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්‍රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්‍යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්‍යාපාරය ප්‍රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..