චීනයේ දුප්පත්කම පිටුදැකීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ වැඩසටහනේ ප්‍රගතිය දැක්වෙන වැඩමුළුව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී
චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාතේ දේශපාලන විද්‍යායතනයේ කමිටුව, ශ්‍රී ලංකාවේ පෙරදිග දේශපාලන විද්‍යායතනය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අද(26) බොරැල්ල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක යූ හයිලින් (yu hailin) මහතා පැවසුවේ චීන ජනපති ක්ෂි ජින් පින් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි සංවත්සරයේ දී දැක්වූ ගැඹුරු අදහස් යථාර්ථයක් කරගනු පිණිස පෙරදිග දේශපාලන විද්‍යායතනය සමග දැඩිව අත්වැල් බැඳගැනීමට කටයුතු කරන බව ය.
මෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ඒක ධ්‍රැව දේශපාලන ලෝකය බහු ධ්‍රැව දේශපාලන ලෝකයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවත් අධිරාජ්‍යවාදය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවත් ය.
ඒ අනුව චීනය ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී කඳවුර නව ලෝක තත්ත්වය යටතේ මානව වර්ගයාගේ ප්‍රගමනය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටුකරමින් සිටින බව ඒ මහතා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් ලුඕ ඡුං (luo chong) මහතා සහභාගි වී සිටි අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා, පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා, ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝ රැසක් සහභාගිවී සිටියහ.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්‍යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්‍යාපාරය ප්‍රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..