
හෙළිකළ දේවල් ගැන සාක්ෂි නැහැ... චැනල් 4 වීඩියෝව හැදූ අධ්‍යක්ෂකවරයා පිළිගනී
මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබේ.
ඔවුන් මේ බව සඳහන් කළේ ජිනිවා හී පැවැති වැඩසටහනකට එක් වූ අවස්ථාවේදීය.
චැනල් ෆෝ නාළිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ බෙන්ඩි පෙයාර් සහ එහි අධ්‍යක්ෂ ටොම් වෝකර් ජිනීවා හි පැවැති මෙම කථිකාවට එක්විය.
"අසාද් මවුලානා සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයෙක් ඒ නිසා නොවේද ඔහු මෙවැනි කතන්දරයක් ඉදිරිපත් කළේ. ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදුනොකළේ. ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදුනොකළේ රටින් පිටවනතුරු ඔහු එවැන්නක් පවසා නැහැ. ඔබ මේ තත්ත්වය දෙස බලන්නේ කොහොමද?"
බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂ ටොම් වෝකර්,
"ඔහු සහරාන් සමඟ සෘජු සම්බන්ධයක් පැවැත්වුවාද යන්න මම දන්නේ නැහැ. ආසාද් මවුලානා එම හමුවීම සම්බන්ධීකරණයට එක්වූයේ ඇයිද කියා මට පැහැදිළි පිළිතුරක් ලබාදිය නොහැකියි. අවංකවම, සහරාන් සහ සලේ අතර එවැනි පූර්ව හමුවක් සිදුවූ බවට සාක්ෂි මා සතුව නැහැ. ඔහු වසර ගණනාවක සිට සලේ දැන සිටියා වෙන්න පුළුවන්. සලේ අනිවාර්යෙන්ම එවැනි හමුවකට සහභාගි වූයේද යන්න මම දන්නේ නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
