News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, රුසියාව මේ වසරේ මුල් භාගයේදී ත්‍රස්තවාදය හා අන්තවාදය හා සම්බන්ධ අපරාධවල දැවැන්ත ඉහළයාමක් දක්නට ඇති බව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඉදිරියේදී කටයුතු කිරීමට අනිවාර්යෙන්ම සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ සභික මහින්ද ජයසිංහ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා දැඩි විවේචනය එල්ල වී තිබේ.

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් රනිල් වික්‍රමසිංහගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇත.

පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය.

පශ්චාත් යථාර්ථ දේශපාලනය නමින් සිද්ධාන්තයක් වර්තමානයේ ලෝක දේශපාලනය තුළ ඇති බවත්, එහිදී පෙර පැමිණෙන්නේ කරුණු නොව හැඟීම් බවත්, සමාජ ජාලා තුළින් පුද්ගලයන්ගේ මනෝමූලික ස්වභාවයන් පාලනය කරනු ලබන්නේ මෙම සිද්ධාන්තයට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වෙනිසියුලානු ජනයා විසින් 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින හෙයින් බවත්, වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට තම ආචාරය පුදකර සිටින බවත් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදුනොවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


දේශීය පුවත්

ජනාධිපති විසින් හිටපු අගවිනිසුරු UN තානාපති කලේ කුමන පදනමකින්දැයි නොදන්නා බව අධිකරණ ඇමති කියයි..

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේ කුමන පදනමකින් දැයි තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් ඇවිලෙද්දී බොරතෙල් මිලත් ඉහළට..

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

අවුරුදු 16 දක්වා දරුවන්ට අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

සියලුම ආකාරයේ හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් ළමයින් වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද එම යාන්ත්‍රණයේ තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.