News Category
From Date
To Date
Maximum Number of Result

පවතින ව්‍යවස්ථාවේ අපලය කුමක්දැයි ලංකා ලීඩර් සමග සාකච්ඡාවකට සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවකට විරුද්ධව කතාකරන පිරිස් නව ව්‍යවස්ථාව සමග 13 ආරක්ෂා කිරීමට කැපවන කණ්ඩායමක් බවයි.

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි.

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය හෝ රිපබ්ලිකන් පක්ෂය යන පක්ෂ දෙකෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළත් 2025 ජනවාරි මාසයේදී සාමකාමීව දිනූ පක්ෂය වෙත බලය පැවරෙනු ඇතැයි තමා විශ්වාස නොකරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ටෙහෙරානයේ හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරානයේ ලබාදෙන ප්‍රතිචාරය කුමක් වුවත් ලෙබනනයේ ෂියා හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දිය හැකි බව බුද්ධි මූලාශ්‍ර උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය

එක්සත් රාජධානිය සිවිල් යුද්ධයකට තල්ලුවීමේ අවදානමකට ලක්ව ඇති බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කරන්නේ රට තුළ පවතින සංක්‍රමණ විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී බවට පත්ව ඇති බව පෙන්වා දෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

තමන්ට ද එක් එක් “අප්පොච්චිලා” “ඇමතිකම්-තාන්නමාන්න” සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් “තනතුරු පොදියට- ධන කුට්ටියට” රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.


දේශීය පුවත්

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් ඇවිලෙද්දී බොරතෙල් මිලත් ඉහළට..

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

අවුරුදු 16 දක්වා දරුවන්ට අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

සියලුම ආකාරයේ හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් ළමයින් වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද එම යාන්ත්‍රණයේ තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න බැරි වීම ගැන කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්..

පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ කණ්ඩායම සොයාගැනීමට තාමත් නොහැකි වී ඇති බවත්, ජනාධිපති කොමිසමේ එන නිර්දේශ ක්‍රියාවට නැගීමට කිසිඳු දේශපාලන නායකයකු හෝ පක්ෂයක් මෙතෙක් ක්‍රියාත්මක නොවී ඇති බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසති.

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.