News Category
From Date
To Date
Maximum Number of Result

සජිත් ප්‍රේමදාසට ඡන්දය නොදිය යුත්තේ ඇයි දැයි දැනගන්න අවශ්‍ය නම් රටේ ජනතාව කළ යුත්තේ පාඨලී චම්පික රණවක පසුගිය වසර දෙක තුල කී කතා ඇසීම බවත්, චමිපිකට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියා දැන ගන්න අවශ්‍ය නම් කල යුත්තේ ඉදිරි මාස එකහමාරේදී චම්පික සජිත් ගැන කියන කතා ඇසීම බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේග පක්ෂයට සහයෝගය ලබාදීමට සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

රට ගොඩනැගීම සඳහා සියලු දෙනා ජාති ආගම් භේදයකින් තොරව එකතු විය යුතු බවත්, ඒ හරහා රට විශාල ජයග්‍රහණයක් කරා ගෙන යා හැකි බවත් ජනාධිපතිධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව පසුගිය 13 වන දා කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 60 වැදෑරුම් සමාජ සම්මුතිය 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව 13 වනදා කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ලබන මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස හා එම ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයකු ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

60 වැදෑරුම් සමාජ සම්මුතිය එළිදැක්වීම සිදුවන්නේ අහම්බයක් ලෙස නොව ජනතාවගේ බලාපොරොත්තුවක් හා අපේක්ෂාවක් ලෙසින් බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

අරගලය කාල සීමාවේ දී රට අකර්මන්‍ය වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ රටේ ආරක්ෂාව බිඳවැටීම බවත්, හමුදා ප්‍රධානීන්ගේ අත අඹරා අපරාධ චෝදනා පෙන්වා මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් අරගලය තුළදී ඔවුන්ව අකර්මන්‍ය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.


දේශීය පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි..

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර අද රාත්‍රී 10.30ට හිරු 'බලය' දේශපාලන සංවාදයෙන්..

හිරු මාධ්‍ය නාලිකාව මගින් විකාශය කෙරෙන 'බලය' දේශපාලන වැඩසටහන අද(12) රාත්‍රී 10.30ට විකාශය වන අතර, ඒ සඳහා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මසහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහභාගී වීමට නියමිතය.

ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්..

ආණ්ඩුවේ ප්‍රධාන සති අන්ත පුවත්පතකින් දිවැසිවරයකු ලෙස පෙනීසිටිමින්, ජනයා මුලාකරන බවට චෝදනා එල්ලි වී ඇති ජෙරම් ප්‍රනාන්දු නමැති “බෝර්න් අගේන්” නිකාය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයාට විශාල ප්‍රචාරණයක් ලබාදීම හරහා සමාජයට සිදුවන අනර්ථය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රේගුවේ ස්කෑනර් වෙනුවට හයිකළ යුතු පිරිසක් ගැන ඇමැති නලින්ද කියන කතාව .. (වීඩියෝ)

පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නගන ප්‍රශ්න කිරීමක දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ රේගුවේ ස්කෑනර් වෙනුවට මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් චෝදනා නගන පිරිස සවිකිරීමට තිබුනා නම් හොඳ බවයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.