News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමේ දායාදය පොදුජන පෙරමුණ දෙකඩවීම බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා 1989 දී 60,000ක් තරුණයින් මරා දැමීමට වගකිව යුතු බව සහ ඉන්පසුව ගාමිණි දිසානායක සහ ගාමිණී අතුකෝරළ වැනි එ.ජා.ප නායකයින්ගේ මරණ වලටත් එතුමා වගකිවයුතු බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ ප්‍රතිචාර දැක්වීමට ඊයේ (24) හදිසි රැස්වීමක් කැදවූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වල පදිංචිය අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මේවන විට සිදුවන නමුත් මන්නාරම් දිස්ත්‍රික්කය තුල අදාල නීත්‍යානුකූල ක්‍රමවෙිදයට අනුගතව සිංහල පවුල් පදිංචි කිරීමේදී ඊට බාධක සහ විටෙක තහනම් කිරීම්ද සිදුවෙමින් පවතින බව පෙන්වා දෙමින් ජාතික ⁣සිංහල ගෝලීය සංසදය විසින් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.

ගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ට එරෙහිව වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති බව වාර්තා වේ.

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.


දේශීය පුවත්

ඇමතිගේ නම විකුණා පාස්පෝට් 17ක් ගත් පුද්ගලයා කවුදැයි නියෝජ්‍ය ඇමැති වටගල මේ වනතෙක් හෙළිකර නෑ - සාගර කාරියවසම් (වීඩියෝ)

සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ වැඩ භාරගැනීමට ගිය අවස්ථාවේ දී පුද්ගලයෙක් පැමිණ ගුවන් ගමන් බලපත්‍ර 17ක් ඇමැතිවරයාගේ නම භාවිතා කර ලබාගෙන තිබූ බව පැවසූ බව ඔහු විසින් පැවසූ බවත්, එහෙත් අද වන තෙක් ඇමැතිවරයා සමග පැමිණි පුද්ගලයා කවුද, එම ගුවන් ගමන් බලපත්‍ර 17 ගියේ කා වෙතට දැයි මෙරට ජනතාවට හෙළිදරව් කර නොමැති බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමයි..

ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ජනාධිපති විසින් හිටපු අගවිනිසුරු UN තානාපති කලේ කුමන පදනමකින්දැයි නොදන්නා බව අධිකරණ ඇමති කියයි..

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේ කුමන පදනමකින් දැයි තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් ඇවිලෙද්දී බොරතෙල් මිලත් ඉහළට..

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.