ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරානය හෝමූස් යළි වසා දමයි..
ඉරානය සහ අමෙරිකාව ඇතිකරගත් සටන් විරාමය මධ්‍යයේ ඉරානය ඊයේ (8) පස්රුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදමා තිබේ.
දෙපාර්ශ්වය සටන් විරාමය ඇතිකරගැනීමත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පියවරගෙන තිබුණි.
කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමූස් හරහා ගමන්ගන්නා නෞකාවලට මෙම තහනම පැනවූ බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව නෞකාවලට හෝමූස් හරහා යාත්‍රා කිරීම තහනම් බවත්, අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ නවතා ඇති නෞකාවලට දැඩි ලෙස අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රමුඛ පෙළේ නැව් තැරැව්කාර සමාගමක් වන 'SSY' ආයතනයද මේ බව තහවුරු කර තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ යාත්‍රා කරන නෞකා වෙත රේඩියෝ පණිවුඩ මගින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්ය.
ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට ගමන් කිරීමට ඉඩ ලබා දීමය.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ Fars පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ඊයේ (8) උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නැව් දෙකක් ගමන් කළද, ඉන් අනතුරුව එම මාර්ගයේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවය.
ඊශ්‍රායලය විසින් ලෙබනයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව අද දැවැන්ත ප්‍රහාරයක් එල්ලකළ අතර, එය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට එල්ලකළ විශාලතම ප්‍රහාරය විය.
මේ අතර, ඊශ්‍රායලය විසින් ලෙබනය පුරා එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..