ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරානය හෝමූස් යළි වසා දමයි..
ඉරානය සහ අමෙරිකාව ඇතිකරගත් සටන් විරාමය මධ්‍යයේ ඉරානය ඊයේ (8) පස්රුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදමා තිබේ.
දෙපාර්ශ්වය සටන් විරාමය ඇතිකරගැනීමත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පියවරගෙන තිබුණි.
කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමූස් හරහා ගමන්ගන්නා නෞකාවලට මෙම තහනම පැනවූ බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව නෞකාවලට හෝමූස් හරහා යාත්‍රා කිරීම තහනම් බවත්, අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ නවතා ඇති නෞකාවලට දැඩි ලෙස අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රමුඛ පෙළේ නැව් තැරැව්කාර සමාගමක් වන 'SSY' ආයතනයද මේ බව තහවුරු කර තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ යාත්‍රා කරන නෞකා වෙත රේඩියෝ පණිවුඩ මගින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්ය.
ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට ගමන් කිරීමට ඉඩ ලබා දීමය.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ Fars පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ඊයේ (8) උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නැව් දෙකක් ගමන් කළද, ඉන් අනතුරුව එම මාර්ගයේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවය.
ඊශ්‍රායලය විසින් ලෙබනයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව අද දැවැන්ත ප්‍රහාරයක් එල්ලකළ අතර, එය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට එල්ලකළ විශාලතම ප්‍රහාරය විය.
මේ අතර, ඊශ්‍රායලය විසින් ලෙබනය පුරා එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්