News Category
From Date
To Date
Maximum Number of Result

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.

කලාපීය හා ගෝලීය වශයෙන් අර්බුද ගණනාවක් මතුවෙමින් පවතින පසුබිමක, රටේ ජාතික දේහය ප්‍රතිශක්තිය හීන වී දුර්වල මට්ටමක පැවතීම මත රටට ඕනෑම තර්ජනයක් එල්ලවීමේ හැකියාව පවතින බව විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි බොහෝ විට සිදුවන්නේ එය ක්‍රියාත්මක කරන ආකාරය අනුව බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

"දැඩි සත්කාර ඒකකයේ" ප්‍රතිකාර ලබන "ශ්‍රී ලංකා මාතාව" නැමැති රෝගියා සුවපත් කළ හැකි "සුදුසුම ප්‍රතිකර්මය" සතු "හොඳම දොස්තර" තේරීම සඳහා මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණය යොදාගත යුතු බවත් ඒ "සුදුසුම ප්‍රතිකර්මය" අතැතිව සර්වජන බලය විධායක සභික, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ජනාධිපති සටනට පැමිණ ඇති බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු පළමුවරට බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා නිකුත් කළ නිවේදනයක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


දේශීය පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි..

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර අද රාත්‍රී 10.30ට හිරු 'බලය' දේශපාලන සංවාදයෙන්..

හිරු මාධ්‍ය නාලිකාව මගින් විකාශය කෙරෙන 'බලය' දේශපාලන වැඩසටහන අද(12) රාත්‍රී 10.30ට විකාශය වන අතර, ඒ සඳහා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මසහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහභාගී වීමට නියමිතය.

ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්..

ආණ්ඩුවේ ප්‍රධාන සති අන්ත පුවත්පතකින් දිවැසිවරයකු ලෙස පෙනීසිටිමින්, ජනයා මුලාකරන බවට චෝදනා එල්ලි වී ඇති ජෙරම් ප්‍රනාන්දු නමැති “බෝර්න් අගේන්” නිකාය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයාට විශාල ප්‍රචාරණයක් ලබාදීම හරහා සමාජයට සිදුවන අනර්ථය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රේගුවේ ස්කෑනර් වෙනුවට හයිකළ යුතු පිරිසක් ගැන ඇමැති නලින්ද කියන කතාව .. (වීඩියෝ)

පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නගන ප්‍රශ්න කිරීමක දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ රේගුවේ ස්කෑනර් වෙනුවට මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් චෝදනා නගන පිරිස සවිකිරීමට තිබුනා නම් හොඳ බවයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.