

"දැඩි සත්කාර ඒකකයේ" ප්‍රතිකාර ලබන "ශ්‍රී ලංකා මාතාව" නැමැති රෝගියා සුවපත් කළ හැකි "සුදුසුම ප්‍රතිකර්මය" සතු "හොඳම දොස්තර" තේරීම සඳහා මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණය යොදාගත යුතු බවත් ඒ "සුදුසුම ප්‍රතිකර්මය" අතැතිව සර්වජන බලය විධායක සභික, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ජනාධිපති සටනට පැමිණ ඇති බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයුම් 10 ක් සිදු කර ඇතැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. ඉහළ ගලීලයේ ජනාවාස ඉලක්ක කර එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාරයද මෙම මෙහෙයුම් වලට ඇතුලත් වූ බව හිස්බුල්ල සංවිධානය වැඩිදුරටහ් අද(11) ප්‍රකාශ කළේය. හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශයන්ට අනුව, ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ ස්ථානගත කර තිබූ දෘශ්‍ය පාලන පද්ධති කිහිපයක් විනාශ වූ අතර ඊශ්‍රායල හමුදා බලකොටු හතරකටද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. Sa'ar ප්‍රදේශයේ දී, ඊශ්‍රායල හමුදා සාමාජිකයින් පිරිසක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක්ද මේ ප්‍රහාර වලට එකතු වන බවද සංවිධානය පවසයි. 08 වනදා සවස ද හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා යොදා ගනිමින් සෆෙඩ් නගරයට නිරිත දෙසින් පිහිටි උතුරු හමුදා සැපයුම් කඳවුරකට ප්‍රහාර එල්ල කළේය. හිස්බුල්ල සංවිධානය කළ ප්‍රකාශයකට අනුව ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ජනාවාස 16කටද පහර දී ඇත.

මෙරට ආර්ථිකය කෙසේ හැඩගැස්විය යුතුද, මෙරට රාජ්‍ය අංශය සතුව පවතින්නේ කුමන ආයතනද යන්න මෙරට ජනතාව තීරණය කරන දෙයක් මිස ආත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරන දෙයක් නොවන බවත්, මෙරට ජපාන තනාපතිවරයා එක්තර රැස්වීමක දී පවසා ඇත්තේ කවුරු ජනාධිපති වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ලෙස වැඩ කළ යුතු බව යැයි ද, එලෙස තානාපතිවරයකුට රටක දේශපාලන කාරණා ප්‍රසිද්ධ රැස්වීමක දී පැවසිය නොහැකි බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.
දේශීය පුවත්
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර...
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් ඇවිලෙද්දී බොරතෙල් මිලත් ඉහළට..
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට නව අණදෙන නිලධාරියෙක් පත්කරයි..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
අවුරුදු 16 දක්වා දරුවන්ට අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්..
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න බැරි වීම ගැන කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්..
හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි..
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
