News Category
From Date
To Date
Maximum Number of Result

පොලිස්පතිවරයකු නොමැතිව ජනාධිපතිවරණයට අදාළ රාජකාරි ක්‍රියාත්මක කරන ආකාරය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02දා) කොළඹට කැඳවීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා කටයුතු කර ඇත.

"අපි අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිනවා. ඔවුන් ටෙක්සාස්, කොලොම්බියා, පේරු, චිලී යන රටවල කලක් පුහුණුව ලැබූවන් බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ව පැමිණ පහර දී ගිනි තැබීම් කිරීමට පුහුණු කරන ලද පුද්ගලයන්. ඔවුන් ජංගම රෝහලක්ට ගිනි තැබීමට උත්සාහ කළ නමුත් ඔබ සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව පලවා හැර තිබෙනවා. ඔවුන් මේ කරණු ලබන්නේ විරෝධතාවක්ද නැත්නම් දේශපාලන අරගලයක්ද?" මදුරෝ කැරකස් නුවර වීදිවල රාජකාරි කළ ජාතික ආරක්ෂක භට කණ්ඩායමක් අමතමින් පැවසුවේය.

ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත්, එහෙත් පුවත්පත් වාර්තා අනුව 2023 වසරේ දී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වෙන්කළ රු. කෝටි 294කින් ඒ සඳහා වැයකර ඇත්තේ රු. කෝටි 34ක් පමණක් බවත් පෙන්වා දෙමින් මව්බිම ලංකා පදනම ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එහිදී සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරකෙරුණි.

එළඹෙන අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ස්වෛරීභාවය අහිමි කරවන අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීමට සැරසෙන බව සර්වජන බලය විධායක කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පලස්තීන හමාස් සංවිධානය අද(31) ප්‍රකාශ කළේ එම ව්‍යාපාරයේ දේශපාලන මණ්ඩල ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉරාන අගනුවර වන ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට තමන්ට දැන් සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජනපදය එහි ජාතික ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවීමත් සමඟ “තවත් සැක සහිත සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බව එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුව ඊයේ(29) නිවේදනය කළේය.


දේශීය පුවත්

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් ඇවිලෙද්දී බොරතෙල් මිලත් ඉහළට..

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

අවුරුදු 16 දක්වා දරුවන්ට අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

සියලුම ආකාරයේ හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් ළමයින් වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද එම යාන්ත්‍රණයේ තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.