

එක්සත් ජනපද හමුදා නිලධාරීන් පසුගිය වසර පුරා ගාසා තීරයේ ඊශ්‍රායලය කරනු ලබන මෙහෙයුමට රහසිගතව සහය ලබා දුන් බව ත්වදුරටත් රහසක් නොවේ. කෙසේ වුවද පෙන්ටගනය විසින් අද(14) නිකුත් කරන ලද ප්‍රකාශයකින් බයිඩන් පරිපාලනය ඊශ්‍රායලය වෙත අමෙරිකානු සෙබළුන් යවන බවට ඇඟවුම් කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපදය සහ ඔවුන්ගේ යුරෝපීය සහචර රාජ්‍යයන් බයිඩන් පරිපාලනය අභාවයට යමින් පවතින මේ දිනවලදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අමෙරිකාව ලබාදෙන සහයෝගය දෙගුණ කරමින්, බටහිර රටවල හමුදාවන්ට ඊශ්‍රායල කුරිරුකම්වලට හෝ පුලුල් කලාපීය ගිනිදැල් වලට ඉන්ධන හෙළීමට සෘජුවම සහභාගී වීමට වේදිකාව සකසන බව විද්වතුන්ගේ අදහස වේ.

පසුගිය රජයේ ප්‍රතිපත්තිමය තීරණය මත රාජ්‍යය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහ ගත කිරීමේ අංශයක් පිහිටුවනු ලැබු අතර ඒ යටතේ ජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කරනු ලැබීය.

එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්‍යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි. සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්‍රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.

එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්‍යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි. සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්‍රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.

යුක්රේන පරාජය මුළු යුරෝපයේම ජයග්‍රහණය නියෝජනය කරන බව ප්‍රංශ මානව විද්‍යාඥ එම්මානුවෙල් ටොඩ් ඉතාලි පුවත් ආයතනයක් වන Cඔර්‍රීරෙ ඩි ඹොලොග්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. තමන් මොස්කව් පරිපාලනයේ පැහැදිළි ආධාරකරුවෙකු නොවන බව අවධාරණය කර ඇති ටොඩ්ට අනුව, යුක්රේන ගැටුමේදී රුසියාව පරාජයට පත් වුවහොත්, මෙය "ඇමරිකානුවන්ට යුරෝපීය යටත්වීම ශතවර්ෂයක් දක්වා දිගු කිරීමට" ඉඩ සලසයි.

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) සඳහා යුරෝපා සංගමය (EU) දණ්ඩනීය තීරුබදු පැනවීම අත්වැරැද්දක් වන අතර එය යහපතට වඩා හානියක් කරනු ඇතැයි බ්‍රසල්ස් කේන්ද්‍රීයව කටයුතු කරන ආර්ථික චින්තකයෙකු වන බෲගල් ඊයේ(09) ප්‍රකාශ කළේය. යුරෝපීය කොමිසම පසුගිය 04 වනදා නිවේදනය කළේ, චීන විද්‍යුත් වාහන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම සඳහා විමසූ ඡන්දයෙන් එම දණ්ඩනීය තීරුබදු සම්මත කිරීම යුරෝපා සංගමයේ රටවල් කිහිපයක සහ මෝටර් රථ කර්මාන්තකරුවන්ගේ විවේචන අවුලුවාලීමට හේතු විය. මෙම පියවර යුරෝපා සංගමයේ විද්‍යුත් වාහන නිෂ්පාදනයේ තරඟකාරීත්වයට එරෙහිව බූමරංගයක් විය හැකි බවට අනතුරු බෲගල් අඟවයි.
ප්‍රධාන පුවත්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
