News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු භූමියේ ඇතුලාන්තය ඉලක්ක කර මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට බටහිරින් සැපයෙන දිගු දුර මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර ලැබුණහොත් මොස්කව් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මේ වන විට ගෙනහැර දක්වන ලද “අනපේක්ෂිත සැලැස්ම” ක්‍රියාත්මක කරනු ඇතැයි විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අනතුරු ඇඟවූ බව රුසියානු මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේ එවැනි ඕනෑම ප්‍රහාරයක් ආයුධ ලබා දුන් රටවල සෘජු ප්‍රහාරයක් ලෙස මොස්කව් පරිපාලනය සලකන බවයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතාගේ 72 වැනි උපන්දිනය අදට යොදී තිබේ.

මෙක්සිකෝ සිටි (ස්පුට්නික්) - කියුබානු රජය BRICS සමූහයේ හවුල් රටක් ලෙස සම්බන්ධ කරගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් නිල ඉල්ලීමක් කර ඇතැයි වාරතා වේ. මොස්කව් දැනට සංගමයේ සභාපතිත්වය දරන බැවින් ඔවුන් මගින් මෙම ඉල්ලීම කළ බව කියුබානු විදේශ අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාලෝස් පෙරේරා පවසයි.

තාක්‍ෂණය, ආරක්‍ෂක උපකරණ නිෂ්පාදනය සහ යටිතල පහසුකම් අතින් චීනය ඉන්දියාව අභිබවා යන බව පසුගිය 01 දා එනම් ඉන්දීය ගුවන් හමුදා දිනය සැමරුමට පෙර ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළේය. එයට ප්‍රතිචාර වශයෙන් අදහස් දක්වමින් ඉන්දියාව සිය හමුදා සංවර්ධනය කටයුතු වලදී චීනය ප්‍රතිවාදියෙකු ලෙස නොසැලකිය යුතු බව චීන විශේෂඥයෝ ඊයේ(07) ප්‍රකාශ කළහ.

"ඉස්ලාමීය ප්‍රතිරෝධී සටන්කාමීන් ඊශ්‍රායලයේ සක්නින් හි මිලිටරි නිෂ්පාදන සංකීර්ණයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව" ප්‍රකාශයක් නිකුත් කරමින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක හිස්බුල්ලා ව්‍යාපාරය පවසයි.

සීමාසහිතPort Qasim Electric Power Company (Private) Limited ආයතනයට අනුයුක්තව සේවය කරන චීන කාර්ය මණ්ඩලය රැගත් රථ පෙළකට ඊයේ(06) රාත්‍රී 11 ට පමණ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලදී එල්ල වූ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් පකිස්තාන ජාතිකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් ඊයේ (06) දින නුගේගොඩ දී පවත්වනු ලැබුවේය. එහිදී අදහස් දක්වමින් ජන පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපතියටත් එහාට ගොස් ඇතැයි පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ,

මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි. 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.

ඊශ්‍රායල හමුදා ගුවන් යානා ඊයේ(03) රාත්‍රියේ බේරූට් නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා මෙම බංකරය තුළ සැඟව සිට ඇති බව ‍ය්නෙට් පුවත් සේවය පැවසීය.


ප්‍රධාන පුවත්

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.