ලොව සමාජ මාධ්‍ය දැවැන්තයින් දණගැස්වූ ඓතිහාසික නඩු තීන්දුව: මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දැවැන්ත දඩයක්!
ලෝක ප්‍රකට තාක්ෂණික සහ සමාජ මාධ්‍ය දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම් විසින් සිය යෙදවුම් ළමුන් ඇබ්බැහි වන ආකාරයෙන් සකස් කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ හානි සිදුකර ඇති බවට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් අධිකරණයක පැවැති ජූරි සභා නඩු විභාගයකින් තීන්දු කර තිබේ.
ප්‍රකට අමෙරිකානු නීතිඥ මාර්ක් ලැනියර් විසින් මෙහෙයවන ලද මෙම ඓතිහාසික නඩු විභාගයේදී වයස අවුරුදු 20ක තරුණියක වූ කේලි වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවන ලෙසයි ජූරි සභාව නියෝග කර ඇත්තේ.
මෙයින් 70%ක වගකීමක් මෙටා සමාගම වෙත පැවරෙන අතර ඉතිරි 30%ක ප්‍රමාණය ගූගල් සමාගම විසින් ගෙවිය යුතු වන බව සඳහන්.
මෙම නඩු තීන්දුව ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ තාක්ෂණික ලෝකයේ මහා පෙරළියක් ඇති කළ මොහොතක් ලෙසයි.
නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයන්, කැසිනෝ ක්‍රීඩාවල පවතින මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිත කරමින් පරිශීලකයින් අඛණ්ඩව රඳවා තබාගන්නා "ඇබ්බැහි වීමේ යන්ත්‍ර" (Addiction machines) ලෙස හිතාමතාම නිර්මාණය කර ඇති බවයි.
වයස අවුරුදු 6 සිට යූටියුබ් සේවාවටත්, වයස අවුරුදු 9 සිට ඉන්ස්ටග්‍රෑම් සේවාවටත් දැඩි ලෙස ඇබ්බැහි වූ කේලි නමැති මෙම තරුණිය දිනකට පැය 16ක් දක්වා සමාජ මාධ්‍ය තුළ කාලය ගතකර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇය දැඩි මානසික අවපීඩනය, කාංසාව සහ සිරුරේ ස්වභාවය පිළිබඳ පවතින මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇත.
සමාගම්වල අභ්‍යන්තර රහස්‍ය ලේඛන අධිකරණය හමුවේ දිගහරිමින් නීතිඥ ලැනියර් පෙන්වා දුන්නේ, තරුණ මනස් තමන් වෙත ඇදබැඳ තබාගැනීම සඳහා මෙම සමාගම් විසින් සිදුකරන ක්‍රියාවලිය පිටුපස පවතින්නේ මානුෂීය හැඟීම් නොව අතිදැවැන්ත මූල්‍ය ලාභයක් පමණක් බවයි.
මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ද සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවට කැඳවා තිබූ අතර, එහිදී ඔහුගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 'Meta Ray-Ban' ස්මාර්ට් කණ්ණාඩි පැළඳ පැමිණීම හේතුවෙන් අධිකරණ ශාලාව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන තිබේ.
ජූරි සභිකයින්ගේ රහස්‍යභාවයට තර්ජනයක් කරමින් ඔවුන්ව ඩිජිටල් නිරීක්ෂණයට ලක් කිරීමට මෙමඟින් උත්සාහ කළ බවට පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් චෝදනා කිරීමත් සමඟ විනිසුරුවරයාගේ නියෝගය මත එම කණ්ණාඩි ගලවා දැමීමට සකර්බර්ග්ගේ පිරිසට සිදුවූ බව වාර්තා වේ.
මෙම දැවැන්ත නීතිමය සටන ජයග්‍රහණය කිරීම සඳහා නීතිඥ මාර්ක් ලැනියර් විසින් Gemini, Claude සහ ChatGPT වැනි උසස් තාක්ෂණික මෙවලම් මුසු කරමින් නිර්මාණය කරන ලද විශේෂිත කෘතිම බුද්ධි (AI) පද්ධතියක් ද උපයෝගී කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමඟින් ජූරි සභිකයින්ගේ මනෝවිද්‍යාත්මක තත්ත්වයන් විශ්ලේෂණය කරමින් දෛනිකව සිය තර්කයන් ගොඩනැගීමට ඔහු කටයුතු කර තිබේ.
මෙම ඓතිහාසික නඩු තීන්දුවත් සමඟ ලොව පුරා පවතින සමාජ මාධ්‍ය සමාගම්වල ව්‍යාපාරික ආකෘතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් මෙටා සහ ගූගල් ඇතුළු සමාගම්වලට එරෙහිව තවත් නඩු 2,000කට අධික ප්‍රමාණයක් ගොනු කිරීමට මාවත විවර වී තිබේ.
නීතිඥ ලැනියර් පවසන්නේ දේශපාලනඥයින්ට වඩා සාමාන්‍ය ජනතාවගෙන් සැදුම්ලත් ජූරි සභාවකට මෙවැනි දැවැන්ත සමාගම් නීතිය ඉදිරියට ගෙන ඒමට සුවිශේෂී බලයක් පවතින බවයි.
කෙසේ වුවද, මෙම නඩු තීන්දුවට එරෙහිව මෙටා සහ ගූගල් සමාගම් ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, සමාජ මාධ්‍යවල පවතින ඇබ්බැහි කරවන සහ අහිතකර ස්වභාවයෙන් අනාගත පරපුර මුදාගැනීම සඳහා වන මෙම ඩිජිටල් යුද්ධය තවදුරටත් ඉදිරියට ඇදෙනු ඇති බවයි විදේශීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මූලාශ්‍රය - hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..