ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්යවශ්ය උත්තේජකයක් බව දේශප්රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්රකාශ කරයි.
ජාතිකවාදය, සිංහල බෞද්ධ උරුමය සහ වර්තමාන සමාජ-දේශපාලනික තත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනය පහළින්..
අපේ ජාතිවාදය කාට එරෙහිවද?
ඥාණසාර හිමියන් චීවරය රහිතව අධ්කරණයට ගෙන ඒම සමග ඇතිවුන බෞද්ධ විරෝධයට එරෙහිව සිංහල බෞද්ධයාට එරෙහිව ජාතිවාදි ලේබලය ඇලවීමේ ව්යාපෘතියක් ක්රියාත්මක වී තිබේ. එය හුදෙක්ම එක කණ්ඩායමක ව්යාපෘතියක් නොව 1505 සිට ක්රියාත්මක යටත් විජිත ආක්රමණයේම දිගුවකි. යටත් ව්ජිත හාම්පුතුන් විසින් ඔවුන්ගේ පැවත්ම වෙනුවෙන් මෙරට සම්පත් උලාකෑම සහ ඔවුන්ට වෙළඳපලක් කර ගැනිමේ උවමනාව අදටත් නොපිරිහෙලා ඉටුකරන ඊනියා මාක්ස්වාදි බඩගෝස්තරවාදීන්, එන්ජීඕ කුක්කන්, ඩයස්පෝරාව, අල්මේදාගේ සිට මැල්කම් රංජිත් දක්වා කුරුස කල්ලිය, ඉස්ලාම් සහ දෙමළ අන්තවාදින්ගේ සාමුහික ව්යාපෘතියකි. ගෝල්ෆේස් ජංගි අරගලය එහි හරස්කඩ ප්රකාශනයකි.
ජාතිවාදය සහ ශ්රි ලාංකිකත්වය යනු ලාංකිය දේශපාලනය තුළ හරසුන්ව අපයෝජනය කල වචන දෙකකි. මාක්ස් විසින් නිර්මාණය කල දැනුම මාක්ස්වාදය නම්, සිංහල බෞද්ධ ජාතිය විසින් බිහිකළ දැනුම් පද්ධතිය විසින් බිහිකළ දැනුම සිංහල ජාතිවාදයයි. අනාදිමත් කාලයක් පුරාවට සිංහල බෞද්ධයා විසින් ස්වභාව ධර්මය සමග සහජිවනයෙන් ජීවත්වීමේන් ගොඩනගන ලද දැනුම සිංහල බෞද්ධ ජාතිවාදයයි. මේ විකෘතිය තුල ජාතිවාදය, වෙනුවට ජාතිකත්වය යන වචනය සමාජ සම්මුතියක් බවට පත්ව ඇත. වර්තමානය ලෝකය මුහුණ දෙන සියලු ආකාර අර්බුදයන්ට විසඳුම ඇත්තේ ජාතිකත්වය තුළ පමණි. සියලු සත්වයන්ට මෛත්රිකරන ජාතිකත්වයකට හිට්ලර් පන්නයේ වාර්ගික ස්වෝත්මාදයක් සිංහල බෞද්ධත්වයට සමාන කිරිම කරුණු නොදැන කරන විවේචනයකට වඩා සංවිධානාත්මක ප්රහාරයකි.
යම් ජාතිකත්වයක් හෝ වාර්ගිකත්වයක් පමණක් නොව යම් දේශපාලන හෝ ආගමික මතවාදයක් මත ඊට එකඟ නොවන ජනකොටස් ඝාතනය කිරිම මනුෂ්ය සංහතියට එකඟ නොවේ. ජාතිකත්වයට ඇඟිල්ල දික්කරන ඊනීයා මාක්ස්වාදින් වීසින් පංති අරගලයේ නමින් සමාජ වෛරය පතුරවමින් රාජ්ය දේපළ ගිනි තබමින් කරන විරුද්ධ මතවාදින් ඝාතනය කිරිම ජාතිවාදයට වඩා "හරි ෂෝක්" වන්නේ කෙසේද? පන්ති අරගලයෙන් ජිවිත අහිමි වුවන්ට මනුෂ්යත්වය සඳහා හිමිකමක් නැද්ද? ඒ පංතිවාදය ගෝත්රික නොවන්නේද?
ඥාණසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ජාතිකවාදින් දෙමළ අන්තවාදයට එරෙහි වන්නේ ඇයි.? ප්රභාකරන් ඇතුළු 1980 දක්වා ක්රියාත්මක මිනිමරු ත්රස්තවාදි කල්ලි වලට පණ පෙවු මතවාදය ඊළාම් නිජභුමි මිත්යාවයි. ඉතිහාසය කන්නදැයි අපෙන් ඇසුවට වන්නියේ සිට ජිනිවා දක්වා ක්රියාත්මක බෙදුම්වාදයේ අත්තිවාරම් මේ ව්යාජ මතවාදයයි. ඒ ව්යාජ ඉතිහාසය තහවුරු කිරිම සඳහා වාස්තවික සාක්ෂි නොමැති නිසා , ඊට පටහැනිව ජීවමානව නැගිසිටින උතුරු සහ නැගෙනහිර සිංහල බෞද්ධ ජාතික උරුමය විනාශ කිරිම ඊළාම් නිජභුමි ව්යාපෘතියේ කොටසකි. ඒ අනුව උතුරු සහ නැගෙනහිර බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනි සිටීම ගෝත්රික ජාතිවාදයක් වන්නේ කෙසේද? උතුරේ හෝ නැගෙනහිර සිංහල බෞද්ධයන් ප්රමාණවත්ව නොමැති නම්, කල යුත්තේ ඒ බෞද්ධ උරුමය අන්තවාදින්ගේ ගොදුරක් බවට පත් කිරිමද? ජනතාව ප්රමාණවත් නැත්නම් කල යුත්තේ එම ප්රදේශවල සිංහල ජනතාව පදිංචි කීරිමයි. වැල්ලවත්තට මට්ටකුල්ලියට ඇති යාම් ඉම් අයිතිය හෝ රටේ ඕනෑම තැනක ජිවත් වීමේ අයිතියට සිංහල බෞද්ධයාට ඉල්ලා සිටිමට ඇති අයිතිය ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ව්යාතිරේඛයක් විය නොහැකිය.
යම් ආගමික කණ්ඩායමක්, එම ආගම විශ්වාස නොකරන්නේ නම් ඔවුන් මිත්යාදෘෂ්ථිකයන් ලෙස සලකයි නම්, ඔවුන් පරලොව යෑම දෙවියන්ගේ සතුටයැයි විශ්වාස කිරිම මනුෂ්ය සංහතියට එකඟ වේයැයි තර්ක කල හැකිද? පල්ලිවල කඩු , කිනිසි රැස්කරමින් ආගමික සංහාරයකට සැරෙසෙන සමාජ සහජිවනයට එරෙහිවන කල්ලි හෙළිදරවු කිරිම සහ ඔවුන්ට එරෙහි විම ගෝත්රික ජාතිකවාදයක් ද?
භුමි පුත්රයන්ගේ අයිතිවාසිකම් නොතකා ගර්භාශ යුද්ධයකින් ජන සංයුතිය වෙනස් කිරිමට එරෙහි වීම ගෝත්රික ජාතිවාදයක් ද? අපේ මුතුන් මිත්තන් රටේ හදබිම ලෙස සැලකු මධ්ය කඳුකරයේ ඉඩම් මුඩුබිම් පණතින් පැහැරගෙන කුළි සේවකයන්ට පවරාදෙන කොට නිහඬව නිවටව නොසිට එරෙහි වීම වාර්ගික ගෝත්රිකත්වයක්ද?
ඊනීයා සුළු වාර්ගික අයිතිවාසිකම් එක්තරා පන්නයක විලාසිතාවකි. අණෙක් අතට දේශපාලන අවියකි. තවත් අතක එන්ජිඕ කාරයන්ට ඩොලර් පොම්ප කරන ජාවාරමකි. බටහිර රාජ්යයන් විසින් අප වැනි රටවල් පාලනය කිරිමට වාර්ගික අයිතිවාසිකම් සහ සුළු වාර්ගික කණ්ඩායම් වල කිඹුල් කඳුළු විකුණාගෙන කති. අද වන ව්ට බ්රිතාන්යය, ප්රංශය සහ බොහෝ යුරෝපා රටවල් ඉස්ලාමීය අන්තවාදයේ රස තලු මරමින් සිටිති.
අපේ ජාතිකත්වයේ ශක්තිය නිසාවෙන් අපි යම් පමණකට බේරි සිටිමු. ඥාණසාර හිමියන්ගේ නිදහස පිළිබඳව අරගලය ඊනීයා සුළු වාර්ගික අන්තවාදය සහ වාමාංශික ළදරු විළප්පුවට එරෙහි අපේ ජාතික සටනට අත්යාවශ්ය දේශහිතෛෂි අපි සියලු දෙනා එකහෙළා සහය දිය යුතු උත්තේජකයකි.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
නායක - දේශප්රේමි ජාතික පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ