අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට.. ඒකපාර්ශ්වික ගිවිසුම්වල යුගය අවසන් බව ඉරානය කියයි..
අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතු වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු මධ්‍යම අණදෙන බලඇණිය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නාවිකයන්ට සහ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව අඛණ්ඩව දුර්වල කිරීම සඳහා ඇමෙරිකානු හමුදාව ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළ බවය.
කෙසේවෙතත් සති අන්තයේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව එල්ල කළ ආක්‍රමණශීලී ප්‍රහාර හෙළා දකින බව ද නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කර සිටී.
එමෙන්ම ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාකර් කලීබාෆ් X හි සටහනක් තබමින් සඳහන් කර සිටියේ "ඒකපාර්ශ්වික ගිවිසුම්වල යුගය අවසන්. අපි ඔබට කිව්වා: ඔබේ පොරොන්දුව රකින්න, නැත්නම් වන්දිය ගෙවන්න. යථාර්ථය දැන් අප ඉදිරියේ ඇත." ලෙසය.
පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය හේතුවෙන්, ඇමෙරිකානු කඳවුරු පවතින රටවලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගල්ෆ් කලාපය අස්ථාවර වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්