හෝමුස් යළි වසා දැමීමේ අවදානමක්..
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය කිසිසේත්ම අත්නොහරින බවත්, එම උපායමාර්ගික මුහුදු මාර්ගයේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඕනෑම යුධමය තත්ත්වයකට සූදානම් බවත් ඉරානය අවධාරණය කරයි.
ඉරානයේ 'ප්‍රෙස් ටීවී' පුවත් සේවය වාර්තා කළේ, පසුගිය පැය 48 තුළ කලාපයේ ඇති වූ උණුසුම් වර්ධනයන් හමුවේ ටෙහෙරානය සිය නව යුධ සහ උපායමාර්ගික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ඉරාන ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ඉරාන භූමියට හෝ එරට අවශ්‍යතාවලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට අතිමහත් බලයක් යොදවා ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
එම නව ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන පියවර දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළමුව, හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම නාවික ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීම සහ දෙවනුව, සතුරා එල්ල කරන සෑම ප්‍රහාරයකටම දෙගුණයක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. එනම් ඉරාන ඉලක්කයකට එල්ල වන එක් ප්‍රහාරයක් වෙනුවෙන් සතුරාගේ ඉලක්ක දෙකකට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සූදානම්ව සිටී.
මෙම තත්ත්වය හටගත්තේ ඇමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හෝමොස්ගන් සහ මහ්ෂාර් ප්‍රදේශවල වෙරළබඩ මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පසුවය. මෙය පවතින සටන් විරාම ගිවිසුම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරානය පවසයි.
ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් බහරේනයේ සහ කුවේටයේ පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක 85කට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. බහරේනයේ පිහිටි ඇමෙරිකානු පස්වන නාවික බලඇණියට අයත් මධ්‍යස්ථාන සහ කුවේටයේ අලි අල් සලීම් ගුවන් කඳවුර මෙහි ප්‍රධාන ඉලක්ක වූ අතර, ඇමෙරිකානු MQ-9 වර්ගයේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමට ද ඉරානය සමත් වී තිබේ.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බකර් කලිබාෆ් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ මැරකම් සහ තර්ජන හමුවේ ඉරානය කිසිසේත් පසුබට නොවන බවයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලින් කිසිදු පලක් නොවන බවත්, මෙම ක්‍රියාවන් නිසා ඇමෙරිකාවට හෝමුස් සමුද්‍ර සන්ධිය මෙන්ම අවසන් එකඟතාවක් සඳහා වන සාකච්ඡා ද අහිමි වනු ඇති බවත් ආරක්ෂක අංශ අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..