මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය තවදුරටත් පැවැත්වේ.
පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වූ අතර, සත්යග්රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය.
පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත විය.
අනතුරුව එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක් විහාර මහා දේවි උද්යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කළේය.
මේ අතර ඊයේ (17) රාත්රියේ විහාරමහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිතර ස්වාමින්වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වූ අතර, එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් පූජ්ය බලංගොඩ කස්සප හිමි සුව සැරිය ගිලන් රථයක් ආධාරයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගැනුණි.
මෙහිදී භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස පැවසුවේ පොලිසිය විසින් පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට පහර දුන් බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..