News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව විසින් යුක්‍රේනයට තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රහාරක යානා සිරියාවේ ඩැමස්කස් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මිය ගිය බව ඊයේ(25) ඉරාන ඨස්නිම් පුවත් පත වාර්තා කළේය. ඔහු නමින් ජෙනරාල් සෙයිද් රාසි මූසාවි වන අතර ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) කියා සිටියේ ජෙනරාල් සෙයිද් රාසි මූසාවි ඊශ්‍රායල විරෝධී “ප්‍රතිරෝධී පෙරමුණට” සහාය දැක්වීම සඳහා සිරියාවේ කටයුතු කළ බවයි.

මොස්කව් පරිපාලන්ය “මිත්‍රශීලී නැතැයි” සලකන ජාතීන්ගේ නායකයින්ට මේ වසරේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සම්ප්‍රදායික අලුත් අවුරුදු සහ නත්තල් සුබ පැතුම් එවන්නේ නැති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සෙනසුරාදා TASS පුවත් සේවය වෙත පසමින් අවධාරණය කර සිටියේ රුසියාවේ මිතුරන්ට සහ සංධානගත රාජ්‍ය වල නායකයන්ට පමණක් අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩ රුසියාවෙන් ලැබෙනු ඇති බවයි.

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්ට අනුව දෙරට අතර අතර සියලුම ගනුදෙනු මේ වන විට රුබල් සහ යුවාන් වලින් පමණක් සිදු කරන බැවින් බටහිර මුදල් ඒකක රුසියානු-චීන වෙළඳ ගනු දෙනු වලදී භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

පලස්තීන හමාස් ත්‍රස්ත කණ්ඩායම මුළුමනින්ම විනාශ කර ගාසා තීරයට කිසිදු තර්ජනයක් එල්ල නොවන තත්වයල් උදාවන තුරු හමාස් සංවිධානයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත නාසිවාදය උත්කර්ෂයට නැංවීමට එරෙහිව රුසියාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවට ඊයේ(22) රටවල් 49ක් එරෙහිවී ඇති අතර රටවල් 118ක් යෝජනාව සම්මත කර ඇත.

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් මේ වන විට පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් ජනපද නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව (HUD) විසින් ඊයේ (17) නිකුත් කරන ලද වාර්තාවකට අනුව, අමෙරිකානු ඉතිහාස්ය තුළ වෙන කවරදාටත් වඩා බොහෝ ඇමරිකානුවන්ට නිවාස අහිමි වී ඇත. උද්ධමනය, නිවාස හිඟය සහ කෝවිඩ්-19 වසංගතය තුළ අනුගමනය කරන ලද නෙරපා හැරීමේ ආරක්ෂණ පියවරයන් ආපසු හැරවීමට කටයුතු නොකිරීම මෙම ඉහළ යාමට හේතු වී ඇතැයි ඒජන්සිය පෙන්වා දෙයි.


ප්‍රධාන පුවත්

ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.