ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුගිය පැය 24 තුළ ඊශ්රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයුම් 10 ක් සිදු කර ඇතැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. ඉහළ ගලීලයේ ජනාවාස ඉලක්ක කර එල්ල වූ දැවැන්ත මිසයිල ප්රහාරයද මෙම මෙහෙයුම් වලට ඇතුලත් වූ බව හිස්බුල්ල සංවිධානය වැඩිදුරටහ් අද(11) ප්රකාශ කළේය. හිස්බුල්ලා සංවිධානයේ ප්රකාශයන්ට අනුව, ලෙබනන-ඊශ්රායල් දේශසීමාවේ ස්ථානගත කර තිබූ දෘශ්ය පාලන පද්ධති කිහිපයක් විනාශ වූ අතර ඊශ්රායල හමුදා බලකොටු හතරකටද මිසයිල ප්රහාර එල්ල කර ඇත. Sa'ar ප්රදේශයේ දී, ඊශ්රායල හමුදා සාමාජිකයින් පිරිසක් වෙත එල්ල කරන ලද මිසයිල ප්රහාරයක්ද මේ ප්රහාර වලට එකතු වන බවද සංවිධානය පවසයි. 08 වනදා සවස ද හිස්බුල්ලා සංවිධානය ඩ්රෝන යානා යොදා ගනිමින් සෆෙඩ් නගරයට නිරිත දෙසින් පිහිටි උතුරු හමුදා සැපයුම් කඳවුරකට ප්රහාර එල්ල කළේය. හිස්බුල්ල සංවිධානය කළ ප්රකාශයකට අනුව ඊශ්රායල හමුදාව ලෙබනනයේ ජනාවාස 16කටද පහර දී ඇත.
ප්රධාන පුවත්
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?