News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක බැංකුවේ වාර්ෂික ජාත්‍යන්තර ණය වාර්තාවේ (IDR) දත්ත උපුටා දක්වමින් රුසියානු මාධ්‍ය ඊයේ (16) වාර්තා කළේ 2022 වර්ෂයේදී විදෙස් රාජ්‍යයන් රුසියාවට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමානය 9% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

යුක්‍රේනය සහ මෝල්ඩෝවා රාජ්‍ය සඳහා යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීමට සහ ජෝර්ජියාවට සාමාජික තත්ත්වය ලබාදීම සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වේ.

යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි අමෙරිකානු සංචාරයක නිරත වන අතර, ඔහු අද (12) ධවල මන්දිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.යම් කිසි විදියකින් ඔහු ජයග්‍රහණය කළහොත් ඔහු පස්වන වරටත් රුසියාවේ රාජ්‍ය නායකත්වයට පත් වීම සනිටුහන් කරනු ඇත.

නව තාක්‍ෂණයේ වර්ධනය හේතුවෙන් බටහිර මූල්‍ය ක්‍රමය යල් පැන ගොස් ඇති බවත් නුදුරු අනාගතයේදී එහි ඇති ගෝලීය අධිපතිත්වය අහිමි විය හැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (07) ප්‍රකාශ කළේය.

සෞදියේ තලාල් බින් අබ්දුල් අසීස් බින් බන්ඩාර් අල් සෞද් කුමරු වයස අවුරුදු 62 දී මිය ගිය බව සෞදි රාජාණ්ඩුව ඊයේ(7) නිවේදනය කළේය. අරාබි මාධ්‍ය වාර්තා වලට අනුව කුමාරයා ගුවන් අනතුරකින් මිය ගිය බව පැවසේ.

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දින 07ක සටන් විරාමයකින් අනතුරුව හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර නැවතත් ගැටුම් අද (01) ආරම්භ වී තිබේ.


ප්‍රධාන පුවත්

ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.