ට්‍රම්ප්ගේ දේශපාලන රැලියට වෙඩි තැබීම: එක්සත් ජනපදය තව දුරටත් කැබලි වීම සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉහළ යාම
අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(14) ප්‍රකාශ කළේය.
හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පෙනිසිල්වේනියාවේ බට්ලර් හි පැවති ඔහුගේ රැලියේදී එරට වේලාවෙන් සෙනසුරාදා(13) වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී දකුණු කණ් පෙත්තට තුවාල සිදු වූ බව වාර්තා විය. මෙම සිද්ධිය හිටපු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂයෙන් නම් කරනු ඇතැයි අපේක්ෂිත ජනාධිපති අපේක්ෂකයා ඝාතනය කිරීමට තැත් කිරීමක් ලෙස සලකා විමර්ශනය කෙරෙන බව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කළේය.
වෙඩි ප්‍රහාරය එල්ල කළේ යැයි සැකකෙරෙන තරුණයා මියගොස් ඇති අතර රැස්වීමට සහභාගි වීමට පැමිණි අයෙක්ද මියගොස් ඇත. එලෙසම රැලියට සහභාගි වූ තවත් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඇත. ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පවසන්නේ ඔහු වේදිකාවෙන් ඉවතට ගෙනයාමෙන් පසු ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බව වාර්තා වූ බවයි.
මේ අතර එෆ්බීඅයි ඔත්තු සේවය ඊයේ(14) පෙනිසිල්වේනියාවේ බෙතෙල් පාක්හි 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගත් තරුණයෙකු ඇමෙරිකානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති බවයි. වෙඩික්කරුගේ චේතනාව පැහැදිලි කිරීමට මෙතෙක් අමෙරිකානු ආරක්ෂක අංශ සමත්ව නැත. මේ අතර ප්‍රමුඛ පෙලේ රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ප්‍රචණ්ඩත්වය වහා හෙළා දුටු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, තුවක්කුකරුට පෙනිසිල්වේනියාවේ මහජන අධිකරණ වාර්තාවල අපරාධ ඉතිහාසයක් වාර්තා වී නොතිබූ අතර, තුවක්කුකරුගේ චේතනාව හඳුනාගෙන නොමැති බවද නිලධාරීහු පවසා ඇත.
ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ වාර්තාවකට අනුව කෲක්ස් රිපබ්ලිකානුවෙකු ලෙස ලියාපදිංචි වී තිබේ. එසේ වුවද 2021 ජනවාරි මාසයේදී ඩිමොක්‍රටික් පක්ෂයට පරිත්‍යාග භාර ගැණීමට නිර්මානය කළ ActBlue හරහා ලිබරල් ඡන්ද දායක කණ්ඩායමක් වන ප්‍රගතිශීලී හැරවුම් ව්‍යාපෘතියට ඔහු ඩොලර් 15ක් පරිත්‍යාග කළ බව ෆෙඩරල් ප්‍රචාරක-මූල්‍ය වාර්තා පෙන්වා දෙයි. එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙවර ජනාධිපතිවරණයේදී පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වයස් ප්‍රමානය සපුරාගෙන සිටින බවයි.
"ඇමරිකාවේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ඉඩක් නැත. එවැනි උත්සාහයන් හෙළා දැකීමට අපි එක ජාතියක් ලෙස එක්විය යුතුයි," වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසීය. මේ අතර, ට්‍රම්ප්ගේ රැලියේදී සිදුවූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ලොව පුරා රාජ්‍ය නායකයින් ද කම්පනයෙන් යුතුව හෙළා දැකීමෙන් ප්‍රතිචාර දැක්වීය.
දේශපාලන ප්‍රචණ්ඩත්වය
ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුගේ අනන්‍යතාවය සහ පසුබිම අමෙරිකානු මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇති බවට සැකයක් නැත. "තුවක්කුකරුට ට්‍රම්ප්ට වෙඩි
ප්‍රහාර එල්ල කිරීමට පොළඹවන කරුණු තුනක් සැලකිල්ලට ගත හැක" චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී හයිඩොං ඊයේ(14) ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වෙත පැවසීය.
"පළමුව, ඔහු ට්‍රම්ප් දිනනවා දකින්නට අකමැති,රජය තුළ ඇති නොපෙනෙන බලවේගය හෙවත් සැඟවුනු රාජ්‍යයේ කෙනෙකු විය හැකියි. දෙවනුව, එය ට්‍රම්ප් නියෝජනය කරන අන්ත දක්ෂිනාංශය, මැතිවරණය ජයග්‍රහණය දැකීමට අකමැති වාම අන්තවාදී බලවේග විසින් මෙහෙයවන රැඩිකල් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටි අයෙකු විය හැකියි. එම කාණ්ඩ දෙකටම අයත් නොවන්නේ නම් කිසිදු සංවිධානාත්මක පසුබිමක් නොමැති හුදෙක් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ වෙහෙසට පත් වූ තනි පුද්ගල අන්තවාදියෙකුගේ ක්‍රියාවක් විය හැකියි." මහාචාර්ය ලී පැවසුවේය.
“වෙඩි තැබීම සංවිධානාත්මක ක්‍රියාවක් නම්, මෙම සිදුවීම සැලසුම් සහගතව සිදු වූවක් බවට සැකයක් නැත. එය තනි පුද්ගල අන්තවාදියකුගේ ක්‍රියාවක් නම්, එය අහඹු සිදුවීමක් විය හැකි ය. අප දැන් එක්සත් ජනපද බලධාරීන්ගේ විමර්ශනයේ ප්‍රතිඵල එනතෙක් බලා සිටිය යුතුයි." ලී වැඩිදුරටත් පැවසීය.
සීඑන්එන් පුවත් සේවයේ විශ්ලේෂකයකු පැවසුවේ "ඇමරිකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ ශාපලත් කතාවේ අඳුරු නව පරිච්ඡේදයක් විවර කරන ඝාතන තැත, එහි නූතන ඉතිහාසයේ වඩාත්ම ආතති සහගත කාල පරිච්ඡේදයක් තුළ වෙසෙන දැනටමත් බරපතල ලෙස විරසක වූ ජාතියක් කම්පා කරවන" බවයි.
සමහර චීන විශේෂඥයින් කියා සිටියේ ඇමරිකානු ඉතිහාසය පුරාම බලයේ සිටින ජනාධිපතිවරයෙකු, ජනාධිපති අපේක්ෂකයෙකු හෝ වෙනත් දේශපාලන චරිතයක් ප්‍රහාරයට, වෙඩි තැබීමට හෝ ඝාතනයට ලක්වීම අසාමාන්‍ය දෙයක් නොවන බවයි.
"මෙයින් ඇඟවෙන්නේ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඇමරිකානු ඉතිහාසයේ අනිවාර්ය අංගයක් බවයි. අනෙක් අතට, ආරක්ෂක විධිවිධාන නොතකා හිටපු ජනාධිපතිවරයා සහභාගී වන දේශපාලන රැස්වීම්වලදී එවැනි භයංකාර සිදුවීම් තවමත් සිදුවීම එක්සත් ජනපදයේ දැනට පවතින ගිනි අවි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රශ්නය සහ එම ගැටලුව තුළ විද්‍යාමාන වන 'නොගැලපෙන බව' ඉස්මතු කරනවා." චීනයේ බීජිං හි රෙන්මින් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඩයඕ ඩේමිං ඊයේ(14) ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වෙත පැවසීය.
මෑත වසරවලදී, ඇමරිකානු දේශපාලනය, දේශපාලන ස්ථාවරයන් මත පදනම් වූ අන්‍යෝන්‍ය විරුද්ධත්වයේ සිට පුද්ගලික පළිගැනීමේ දේශපාලනයකට සීරු මාරු වී ඇති බව ඩයඕ සඳහන් කළේය. "ප්‍රචණ්ඩත්වය තුලින් ප්‍රකාශ වන මෙවැනි පළිගැනීම් අමෙරිකානු දේශපාලනය තුළ විද්‍යාමාන වන මෙම සීරු මාරුවේ පැහැදිලි දර්ශකයකි." ඩයඕ ඩේමිං වැඩිදුරටත් පැවසුවේය.
අනෙක් අතට , මෙම මැතිවරණය හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර ගැටුමක් මෙන්ම අත්‍යවශ්‍යයෙන්ම ඇමරිකාවේ විවිධ දර්ශන දෙකක් අතර ගැටුමක් බවත් ඝාතන තැත එය අවධාරණය කරන බවත් මෙම ගැටුම ඇමරිකානු සමාජය තවදුරටත් ඉරා දමන අතර වඩාත් ප්‍රචණ්ඩකාරී පිපිරීම් වලට මග සලසන බවත් ඩයඕ අවධාරණය කළේය.
ට්විටර් හෙවත් X වැනි චීන සමාජ මාධ්‍ය වේදිකා වන Weibo සහ Xiaohongshu වල අදාළ මාතෘකා , කම්පන සහගත ප්‍රවණතාවක් සහිතව චීන අන්තර්ජාල පරිශීලකයන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.
එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන බව ඔවුහු පවසති. මෑත කාලීන ආන්දෝලනාත්මක ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැති විවාදයෙන් සහ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ට්‍රම්ප් පරාජය කිරීමට අවස්ථාවක් නොමැති බව එක්සත් ජනපද දේශපාලන දහරාව තුළ සිටින ට්‍රම්ප්ගේ සතුරන් හෝ අන්ත ට්‍රම්ප් විරෝධී ක්‍රියාකාරීන් හඳුනා ගෙන සිටින නිසා, අනාගතයේදී ට්‍රම්ප්ට තවත් ඝාතන උත්සාහයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇතැමුන් අනාවැකි පළ කරති. මැතිවරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග වැනි වෙනත් නීතිමය ක්‍රම මගින් ඔහුට පහර දීමට අවස්ථාවක් නොමැති හෙයින් ඇතැමුන් වඩාත් අවදානම් සහ ආන්තික පියවර තෝරා ගැනීමට බොහෝ ඉඩකඩ ඇත.
චීන ඊ-වාණිජ්‍ය වේදිකා ගණනාවක් වෙඩි තැබීමේ ස්ථානයේදී ට්‍රම්ප්ගේ ඡායාරූපයක් සහිත ටී-ෂර්ට් පිරිනැමීමට ඉදිරියට පැමිණි බව ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර ගත්තේය.
ඊ-වාණිජ්‍ය වේදිකාවක් වන Pinduoduo හි වෙළෙන්දෙකු ඊයේ(14) ග්ලොබල් ටෛම්ස් වෙත පැවසුවේ ඔවුන් ඊයේ(14) උදෑසන නිෂ්පාදන එළියට දැමූ දා සිට දුසිම් ගණනක ඇණවුම් සැපයීමට කටයුතු කර ඇති බවයි.එහිදී වෙළෙන්දා වැඩිදුරත් පැවසුවේ ටී ෂර්ට් තොග අලෙවියක් සිදු නොවූ බවත් සෑම පාරිභෝගිකයෙකුම ටී ෂර්ට් එක බැගින් පමණක් ඇණවුම් කළ බවත්ය. මීට අමතරව, ඔහුට අනුව ගනුදෙනුකරුවන් සෘජුව සහ පැකිලීමකින් තොරව ටී ෂර්ට් ඇණවුම් කිරීමටද කටයුතු කළේය.
දුෂ්‍ය වූ අමෙරිකානු දේශපාලන වායුගෝලය
ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධිය 1972 ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් වොලස්ට වෙඩි තැබීම සිහිපත් කරන බව ඇතැම් විද්වතුන් ප්‍රකාශ කළහ. "එක්සත් ජනපදයේ වත්මන් අවුල් සහගත තත්ත්වය 1960 ගණන්වල අග භාගයේ සිට 1970 ගණන්වල මුල් භාගය දක්වා වූ කැලඹීම තරමක් සිහිගන්වනවා." චීන සමාජ විද්‍යා ඇකඩමියේ ඇමරිකානු අධ්‍යයන පිළිබඳ විශේෂඥයෙකු වන Lü Xiang ඊයේ(14) ග්ලොබල් ටෛම්ස් වෙත පැවසීය.
මෙම සිදුවීම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක සීමාව ශක්තිමත් කළ හැකි බව විශේෂඥයාගේ විශ්වාසයයි. විශේෂයෙන්ම ඔහුගේ දකුණු කණෙන් රුධිරය ගලමින් තිබුණු නමුත් ආරක්ෂකයින් විසින් රැගෙන යන අතරතුර ඔහුගේ හස්තය ඔසවමින් සිටින ඔහුගේ රූපය සැලකිල්ලට ගැනීමට චීන විශේෂඥයා කටයුතු කළේය. "රිපබ්ලිකන් පක්ෂය එය ට්‍රම්ප්ට වීරෝදාර අවස්ථාවක් ලෙස නිරූපණය කිරීමට ක්‍රියා කරනු ඇත." ලු පැවසුවේ ට්‍රම්ප් නොසැලී සිටි බවත් දිගටම රැලි පවත්වන බවත් රිපබ්ලිකන් පක්ෂය අවධාරණය කරනු ඇති බවත් අවධාරණය කරමිනි.
"වයෝවෘද්ධ අපේක්ෂකයින් දෙදෙනා අතර නිර්දය අන්‍යෝන්‍ය චෝදනා සහ පුද්ගලික ප්‍රහාර මධ්‍යයේ, දුෂ්‍ය වූ වාතාවරණයක් අඛණ්ඩව ගොඩනැගෙමින් පවතී. එවැනි දුෂ්‍ය පරිසරයක් තුළ, ප්‍රචණ්ඩ සිදුවීම් එකක් හෝ ඊටත් වඩා සිදුවනු ඇතැයි සිතීම අපහසු නැත." ලු පැවසීය.
අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු වල අවසන් මාස හතරට ආසන්න වන විට, සියලු පාර්ශවයන් ජවයක් ඇති කිරීමට සිය උත්සාහයන් තීව්‍ර කරනු ඇති අතර, එය වඩ වඩාත් උණුසුම් මැතිවරණ වාතාවරණයක් කරා ගෙන යනු ඇත. විශේෂයෙන් පෙනිසිල්වේනියාව වැනි තීරණාත්මක දෝලනාත්මක ප්‍රාන්තවල වැඩි රැලි ගණනක් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදුවනු ඇත. මීට අමතරව, ජනාධිපති අපේක්ෂකයින් මහජනතාව සමඟ අන්තර් ක්‍රියා කරන අවස්ථා සහ ප්‍රසිද්ධ උත්සවවලට පෙනී සිටීමේ අවස්ථා වැඩි වනු ඇතැයිද විශේෂඥයෝ පවසති.
විස්කොන්සින් ප්‍රාන්තයේ මිලෞකී හිදී අද(15) ආරම්භ වීමට නියමිත රිපබ්ලිකන් සම්මේලනයට හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බව ට්‍රම්ප්ගේ ඉහළම සහායකයින් ප්‍රකාශ කළෝය. ට්‍රම්ප් 18 වනදා රාත්‍රියේ සිය පක්ෂයේ නාමයෝජනා නිල වශයෙන් පිළිගෙන අදහස් දැක්වීමට නියමිත බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
"වෙඩි තැබීමේ සිද්ධියකින් වෙඩි වැදුණු අපේක්ෂකයාට අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි යන මතය ලබා දී නැත. වෙඩි තැබීමේ සිද්ධිය නිසා වෙඩි වැදුණු ජනාධිපති අපේක්ෂකයා අවසාන ජයග්‍රහණය ලබා ගන්නේද යන්න තීරණය වන්නේ එම අවස්ථාවේ මැතිවරණයේ විශේෂිත තත්වයන් මතයි," ලී පැවසීය.
"වෙඩි වැදුණු පක්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණය ජයග්‍රහණය කරන බවට නිගමනයකට එළඹීම විද්‍යාත්මක නොවන බව" බව සඳහන් කළ ඔහු එක්සත් ජනපද මැතිවරණයේ ඉදිරි මාස තුන තුළ කුමක් සිදුවේද යන්න දැන්ම අනාවැකි කිව නොහැකි බව පෙන්වා දෙමින් "ඇමරිකානු මැතිවරණවල ප්‍රභලතම ලක්ෂණය වන්නේ ඒවායේ අනපේක්ෂිත බවයි." යනුවෙන් පැවසුවේය.
චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ සහකාර පීඨාධිපති ජින් කැන්රොං ඊයේ(14) ග්ලොබල් ටෛම්ස් වෙත පැවසුවේ මෑත වසරවලදී එක්සත් ජනපදයේ පක්ෂග්‍රාහී පද්ධතියේ ගුණාත්මකභාවය පිරිහී ඇති බවයි. අතීතයේ දී අමෙරිකාවේ ක්‍රියාත්මක ක්‍රමය නිදහසේ ගලාගියේ, පක්ෂ දෙකේම බොහෝ සාමාජිකයන් මධ්‍යස්ථ මතධාරීන් වූ බැවිනි. ඔවුන්ගේ දේශපාලන අදහස් වෙනස් වුවද ඔවුන් එතරම් අන්තවාදී නොවූ අතර බොහෝ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකි විය. "නමුත් දැන් අපට පෙනෙන්නේ කොංග්‍රසය සෑම කාරණයකදීම පාහේ පක්ෂ මතවාද ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරන බවත්, පක්ෂග්‍රාහී දේශපාලනය වඩාත් ධ්‍රැවීකරණය වෙමින් පවතින බවත්ය." ජින් සඳහන් කළේය.
"ඇමරිකානුවන් ප්‍රංශ දේශපාලන සන්දර්භය තුළ ඇති අන්තයට වඩා වෙනස්කම් සහිත සම්මුතියේ ප්‍රඥාව ඔවුන් සතුව ඇතැයි යන අදහස සම්බන්ධයෙන් ආඩම්බර විය. නමුත් දැන් ඔවුන් ද අන්ත සහ නොසැලකිලිමත්බවින් යුක්ත බැවින් මධ්‍යස්ථ මතධාරීන්ට අඩු ඉඩක් ලබා දී ඇත." ජින් පැවසීය. .
"ඊට අමතරව, එක්සත් ජනපදයේ ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය පුළුල් වෙමින් පවතී. මධ්‍යම පන්තිය හැකිලෙමින් පවතී. එසේම සමාජ ධ්‍රැවීකරණය ද ඉතා බරපතල ඉමකට තල්ලු වී තිබේ. සංක්‍රමණ සහ ආර්ථික ප්‍රතිපත්ති වැනි බොහෝ විශේෂිත සමාජ ගැටුම් ඉතා වඩාත් දරුණුයි."යැයි පැවසූ ජින් එක්සත් ජනපදයේ ධනපතියන් බෙදී යන විට සිවිල් යුද්ධයක අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)
රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)
ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි
අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්
රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර
විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම තීරණය වෙන්නේ භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව... ලබන අවුරුද්දේ පඩි වැඩිකරනවා, හැබැයි තාම ගාණක් කියන්න බැහැ - ඇමැති විජිත කියයි
කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා