ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්රකාශයක් නිකුත් කර තිබේ.
කියුබාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වය අස්ථාවර කිරීම අරමුණු කරගනිමින් ඇමෙරිකාව සිදුකරන ක්රියාමාර්ග දැඩි ලෙස හෙළා දකින බව රුසියානු ෆෙඩරේෂන් මණ්ඩලය සඳහන් කරයි.
ඇමෙරිකාව විසින් කියුබාවට එරෙහිව පනවා ඇති මෙම ආර්ථික, වෙළඳ සහ මුල්ය සම්බාධක ඉවත් කිරීමේ අවශ්යතාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනාවට 1992 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් අතිබහුතරයකගේ සහාය හිමිවන බව රුසියානු සෙනෙට් සභිකයෝ සිහිපත් කරති.
ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ "ත්රස්තවාදයට අනුග්රහය දක්වන රාජ්යයන්" ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කළ යුතු බවට කියුබානු ජනතාව නැගීමට ඇති සාධාරණ ඉල්ලීමට රුසියානු ෆෙඩරේෂන් මණ්ඩලයේ පූර්ණ සහාය හිමිවන බව එම නිවේදනයේ දක්වා ඇත.
එසේම විදේශීය පාර්ශ්වයන් සමඟ වෙළඳ, ආර්ථික හා මුල්ය සබඳතා වර්ධනය කරගැනීමට කියුබාවට ඇති අයිතිය උල්ලංඝනය කරමින් 1996 මාර්තු 12 වන දින ඇමෙරිකාව විසින් සම්මත කරගත් හෙල්ම්ස්-බර්ටන් පනත (Helms-Burton Act) වහාම අහෝසි කළ යුතු බවද රුසියාව අවධාරණය කරයි.
ඇමෙරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති මෙම ආර්ථික, වෙළඳ සහ මුල්ය සම්බාධක වහාම අවසන් කළ යුතු බව ප්රකාශ කරන රුසියානු ෆෙඩරේෂන් මණ්ඩලය, 2026 වසරේදී මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ සම්මත කිරීමට නියමිත යෝජනාවට ද සිය සහාය පළ කරයි.
තවද, කියුබාවට එරෙහිව ඇමෙරිකාව ගෙන යන බලපෑම්, තර්ජන සහ බියවැද්දීම්වලින් පිරි ප්රතිපත්තිය වහාම අතහැර දමන ලෙස වොෂින්ටනයට බලපෑම් කරන්නැයි අන්තර් පාර්ලිමේන්තු සංගමයෙන්, අනෙකුත් ජාත්යන්තර පාර්ලිමේන්තු සංවිධානවලින් මෙන්ම විදේශීය රාජ්යයන්ගේ පාර්ලිමේන්තුවලින් ද රුසියාව ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!