News Category
From Date
To Date
Maximum Number of Result

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

Oct 19, 2026 at 06:06 AM
|

සුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ජාතික විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඇණහිටීම නිසා පැය හතකට අධික කාලයක් මුළු රටම අඳුරේ පැවති බවයි.

මෙහිදී විදුලිබල සමාගම් වෙත පමණක් සිදුව ඇති සෘජු මූල්‍ය පාඩුව රුපියල් මිලියන 400 ඉක්මවන අතර, දළ දේශීය නිෂ්පාදිතයට විදුලිබල ක්ෂේත්‍රයෙන් ලැබෙන 15%ත් 20%ත් අතර දායකත්වය සැලකිල්ලට ගනිද්දී සමස්ත ආර්ථිකයට සිදුව ඇති වක්‍ර පාඩුව රුපියල් කෝටි 400 කට අධික බව හිටපු අමාත්‍යවරයා ගණන් බලා ඇත.

ස්වභාවික ආපදා හෝ හදිසි කාර්මික දෝෂ හේතුවෙන් විදුලි සැපයුමට බාධා ඇති විය හැකි වුවද, මෙවැනි රටපුරා විදුලිය ඇනහිටින පද්ධති බිඳවැටීම් වැළැක්වීම සඳහා 2019 වසරේ සිට විශාල පිරිවැයක් දරමින් පද්ධති නියාමන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කර තිබියදී මෙවැනි තත්ත්වයක් උද්ගත වීම බරපතළ ප්‍රශ්නාර්ථයක් බව ඔහු අවධාරණය කරයි. නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පුත්තලම ලක්විජය බලාගාරයේ හටගත් දෝෂයක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මීට පෙර 2025 පෙබරවාරි 09 වැනිදාද මෙවැනිම බරපතළ විදුලි ඇනහිටීමක් වාර්තා වුවද, ඊට අදාළව කිසිදු අභ්‍යන්තර හෝ බාහිර ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් හඳුනා ගැනීමට කටයුතු කර නැති බව හිටපු අමාත්‍යවරයා මෙහිදී දැඩි ලෙස චෝදනා කර සිටියි. එබැවින්, රටේ ආර්ථිකය අඩපණ කළ මෙම අර්බුදයට සැබෑ වගකිවයුත්තන් සොයා වහාම ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.

තවද, මෙම විදුලි බිඳවැටීම් පදනම් කරගනිමින් ඊට මුවාවී පරිසර හිතකාමී සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් කුමන්ත්‍රණකාරී ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව මහජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවටද ඒ මහතා වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

සම්බන්ධිත පුවත් | Related News

බලශක්ති අමාත්‍යාංශයෙන් තම ඉල්ලීම් සඳහා මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බැවින්, පුද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී ඇරඹි සත්‍යග්‍රය අතරතුර රෝහල් ගත කළ පූජ්‍ය කස්සප හිමියන් නැවතත් විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයට එක්ව තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (19) සිව්වන දිනටත් පැවැත්වේ.
කොළඹ වරාය තුළ චීන සමාගමක ප්‍රමුඛත්වයෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත සැපයුම් මධ්‍යස්ථාන (Logistics Hub) ව්‍යාපෘතිය දෙපාර්ශ්වයේම එකඟතාව මත අත්හැර දැමීමට තීරණය කර ඇති අතර, ඊට අදාළ ආයෝජන පියවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 21.9ක (රුපියල් කෝටි 650කට අධික) මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එකඟ වී ඇති බව වාර්තා වේ.
රජය විසින් ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' මඟින් මෙරට මාධ්‍ය නිදහස, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වගවීම බරපතළ ලෙස අනතුරේ හෙළන බව පෙන්වා දෙමින්, එම පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
අපවත්වී වදාළ කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය එළැඹෙන 21වැනිදා ප.ව. 4ට මහනුවර, ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට ආදාහන කමිටුව තීරණයර ඇත.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ප්‍රධාන පුවත්

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.