චීන ජනපති ෂී ජින්පින්ග් චීන හමුදාවේ විශාල ප්රතිසංස්කරණයක් ප්රකාශයට පත් කර ඇති අතර, දෙමුහුන් යුද්ධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වගකිව යුතු නව යුධ තොරතුරු සහාය බලකායක් නිර්මාණය කර ඇති බවද නිවේදනය කළේය. ඊයේ(19) බීජිං නුවර පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව නිවේදනය කළේය. චීන ජනාධිපතිවරයා ප්රකාශ කළේ චීනය සිය හමුදා නවීන යුගයට ගැලපෙන ලෙස සංවර්ධනයට ප්රමුඛත්වය දිය යුතු බවත්, ප්රතිසංස්කරණ, විද්යාව සහ නව කුසලතා තුළින් සිය හැකියාවන් වැඩි දියුණු කරගත යුතු බවත්ය.
ඉතාලියේ පලවූ ප්රවෘත්ති වාර්තාවකට අනුව ඉතාලි ආරක්ෂක සේවා රෝමයේ "නිල නොවන" මුස්ලිම් යාඥා මධ්යස්ථාන 53ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි පැවසේ. ඉතාලියේ අගනුවර වෙත සංක්රමණය වන මුස්ලිම් සංක්රමණිකයන්ගේ සංඛ්යාව වර්ධනය වීමත් සමඟ යාඥා කිරීමට අවශ්ය අවකාශයන් වැඩි වී ඇතැයිද එම වාර්තාව පවසයි. ඒ අනුව ගබඩා, ගරාජ, මහල් නිවාස සහ ගොඩනැගිලිවල බිම් මහල් වල යාඥා මධ්යස්ථාන විවෘත වන්නට පටන් ගෙන තිබේ. මෙම යාඥා මධ්ය්ස්ථාන වලින් සමහරක් නීතිමය වශයෙන් ගත් කළ නීති විරෝධී වුවද බලධාරීන් ඒවා දෙස නෑසූ කන්ව සිටීමට කටයුතු කරති.
ඉරානය ඊශ්රායලට එරෙහිව ඊශ්රායල භූමියට මිලිටරි ප්රහාරයක් දියත් කිරීමෙන් පසු යුද ආතතිය තවදුරටත් උත්සන්න වීම ස්ම්බන්ධයෙන් චීනයේ දැඩි කනස්සල්ල පළ කළ අතර ආතතිය වැළැක්වීම සඳහා සන්සුන්ව හා සංයමයෙන් ක්රියා කරන ලෙස චීනය ඊයේ ගැටුමට මැදිහත්ව ඇති සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ඊශ්රායලය බෝම්බ හෙලීමට ප්රතිචාර වශයෙන් ඉරානය ප්රතිප්රහාර එල්ල කිරීම නොවැලැක්විය හැකි බව චීන විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් දෙරට අතර ආතතීන් උත්සන්න වීම වැලැක්වීමට නම්, තත්වය තවත් උග්ර කළ හැකි සහ ඉරානයට වැඩි හානියක් විය හැකි ප්රකෝපකාරී ක්රියාමාර්ග තවදුරටත් ගැනීමෙන් ඊශ්රායලය වැළකී සිටීම අත්යවශ්යවන බව එම විශේෂඥයෝ පවසති.
ප්රධාන පුවත්
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?