ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියට වෙඩි! ට්‍රම්ප්ට තුවාලයි! (වීඩියෝ )

ඊයේ(13) අමෙරිකාවේ පෙනිසිල්වියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කණේ ලේ පැල්ලම් පෙන්නුම් කරන ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී. ට්‍රම්ප්ට්ගේ ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉක්මනින් වේදිකාවෙන් බිමට බස්සවා ගෙන ගොස් ඇති බවද එම වාර්තා පවසයි.
වෙඩි වැදීමෙන් පසු බිම ඇද වැටුනු ට්‍රම්ප් සුළු මොහොතකට පසු නැඟිට තම දකුණු හස්තය ඔසවා තමා හොඳින් බවත් සටනට සූදානම් බවත් ඇඟවීය. අනතුරුව ඔහුගේ ආරක්ෂක නිලධාරින් විසින් ඔහුව සිද්ධිය වූ ස්ථානයෙන් පිටතට රැගෙන ගියේය.

ඝාතන උත්සාහයෙන් පසු ට්‍රම්ප් පෙනිසිල්වියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂණයකට භාජනය වෙමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ලේකම් මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කල තුවක්කුකරුවෙකු සහ අවම වශයෙන් එක් ප්‍රේක්ෂකයෙකු මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්ය.

මේ අතරා ට්‍රම්ප් සමාජ මාධ්‍යවලට අදහස් දක්වමින් “මගේ දකුණු කණේ ඉහළ කොටසට” වෙඩි උණ්ඩයක් වැදී ඇතැයි පවසා සිටියේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ “නීච ක්‍රියාවෙන්” පසුව ට්‍රම්ප් “හොඳින්” සිටින බවයි.
බුද්ධි අංශ වලට අනුව වෙඩික්කරු ආරක්ෂක නිළධාරින් විසින් මරා දැමීමට පෙර ඔහුගේ රැළිය පැවැත්වු ස්ථානයට ආසන්නයේ පිහිටි “උස් ස්ථානයක සිට” වෙඩි කිහිපයක් තබා තිබේ. නීතිය බලාත්මක කිරීමේ මූලාශ්‍ර ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසුවේ වෙඩික්කරු රැලිය පැවැත්වු ස්ථානයෙන් පිටත ගොඩනැගිල්ලක වහලක් මත ස්ථානගතව සිට ඇති බවයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අනුව ප්‍රහාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට තැත් කිරීමක් ලෙස හැඟවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..