රුසියාවේ කර්ස්ක් කලාපයට යුක්රේනය ආක්රමණය කිරීම ඩොන්බාස්හි ස්ථානගත මොස්කව් හමුදාවන්ගේ ඉදිරි ගමන නැවැත්වීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(02) පැවසීය. රුසියාව ඩොන්බාස් හි ප්රධාන ප්රදේශවල විශාල ප්රගතියක් ලබා ඇති බව ඔහු ප්රකාශ කළේ “දිගු කාලයකින්” නොදුටු වේගයකින් ඉදිරියට රුසියානු හමුදා ඉදිරියට යන බව අවධාරනය කරමිනි.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය. වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්රව්ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්රහණ පිළිගැනීම පවා ප්රතික්ෂේප කළේය. “විදේශීය රාජ්ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන් නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
ඇමරිකානු මිලිටරි මැදිහත්වීම ගෝලීය ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට වඩා ශක්තිමත් කිරීමට සේවය කර ඇති අතර අල්කයිඩාව සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් යලි පිබිදීම නවතම උදාහරණය බව ඊයේ(01) ප්රකාශයට පත් කරන ලද ෆොක්ස් නිවුස් ඩිජිටල් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇෆ්ගන් ජාතික හමුදාවේ හිටපු නියෝජ්ය සාමාන්ය මාණ්ඩලික ප්රධානී සාමි සදාත් ප්රකාශ කළේය. .
ප්රධාන පුවත්
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?