News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන 10කට ප්‍රහාර එල්ල කළා- හිස්බුල්ලා සංවිධානය

Aug 11, 2024 at 01:48 PM
|

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයුම් 10 ක් සිදු කර ඇතැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. ඉහළ ගලීලයේ ජනාවාස ඉලක්ක කර එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාරයද මෙම මෙහෙයුම් වලට ඇතුලත් වූ බව හිස්බුල්ල සංවිධානය වැඩිදුරටහ් අද(11) ප්‍රකාශ කළේය.

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශයන්ට අනුව, ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ ස්ථානගත කර තිබූ දෘශ්‍ය පාලන පද්ධති කිහිපයක් විනාශ වූ අතර ඊශ්‍රායල හමුදා බලකොටු හතරකටද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. Sa'ar ප්‍රදේශයේ දී, ඊශ්‍රායල හමුදා සාමාජිකයින් පිරිසක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක්ද මේ ප්‍රහාර වලට එකතු වන බවද සංවිධානය පවසයි. 08 වනදා සවස ද හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා යොදා ගනිමින් සෆෙඩ් නගරයට නිරිත දෙසින් පිහිටි උතුරු හමුදා සැපයුම් කඳවුරකට ප්‍රහාර එල්ල කළේය.

හිස්බුල්ල සංවිධානය කළ ප්‍රකාශයකට අනුව ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ජනාවාස 16කටද පහර දී ඇත. 

2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළදා සිට ඊශ්‍රායල-ලෙබනන් දේශසීමාවේ තත්වය උත්සන්න වී ඇත. ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් දේශසීමාවේ ප්‍රදේශවල දිනපතා එකිනෙකාගේ ස්ථාන වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරති. ලෙබනන් විදේශ අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් 100,000 කට පමණ දකුණු ලෙබනනයේ සිය නිවෙස් අතහැර යාමට සිදුවිය. ඊශ්‍රායල පාර්ශවය වාර්තා කළේ උතුරු ඊශ්‍රායලයේ පදිංචිකරුවන් 80,000 ක් පමණ නිවාස අතහැර යාමට ස්දිවන තත්වයකට පත්ව ඇති බවයි.

මෑත සතිවලදී, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගුවන් ප්‍රහාරවල ඉහළ පෙළේ හිස්බුල්ලා අණ දෙන නිලධාරීන් සහ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම් වාර්තා කර ඇත.හිස්බුල්ල ව්‍යාපාරය සෑම ඝාතනයකටම ප්‍රතිචාර දක්වන්නේ උතුරු ඊශ්‍රායලයට දැවැන්ත ෂෙල් ප්‍රහාර එල්ල කරමින්, රොකට් සහ ඩ්‍රෝන දුසිම් ගනනක් දියත් කිරීමෙනි. බොහෝ විට, ලෙබනනයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ලැව්ගිනි ඇති වන අතර, දැනටමත් හෙක්ටයාර් සිය ගණනක් භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇත. ජූනි මස මැදදී, ඊශ්‍රායල හමුදා විධානය ලෙබනනයේ ප්‍රහාරයක් සඳහා සටන් සැලසුම් අනුමත කරන බව නිවේදනය කළේය. මෙයින් පසු විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් හිස්බුල්ලා සංවිධානය විනාශ කරන බවට තර්ජනය කළ අතර පූර්ණ පරිමාණයේ යුද්ධයක් ඇති වුවහොත් ලෙබනනයට බරපතල හානියක් සිදු කරන බවත් ඊශ්‍රායලය උතුරු පෙරමුණේ නීති වෙනස් කරන තීරණයක් ගැනීමට ආසන්න බවත් පැවසීය. අනෙක් අතට, හිස්බුල්ලා මහලේකම් හසන් නස්රල්ලා ජූනි 19 දා කියා සිටියේ ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත් හිස්බුල්ලා සංවිධානයට උතුරු ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට හැකියාව ලැබෙන බවයි. BEIRUT (Sputnik)

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.