ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
වර්කොව්නා රාඩා හෙවත් යුක්රේන පාර්ලිමේන්තුව විසින් දිගුකාලයක් තිස්සේ යුක්‍රේන සමාජයේ ගැඹුරින් සාකච්ඡා කරන ලද අපකීර්තිමත් නීතියක් වන "ආගමික සංවිධානවල ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගය ආරක්ෂා කිරීම පිළිබඳ" නීතිය සම්මත කර ඇති බව ද එම නිවේදනයේ දක්වා තිබේ.
අදාළ නිවේදනය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පහළින්...
ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය සම්බන්ධවයි
යුක්‍රේන නීති සම්පාදන අංශය විසින් තවත් සෘණාත්මක නීති සම්පාදනයක් සිදු කර ඇති අතර එය කියෙව් පාලනය විසින් ලෝකය පුරා පැතිරුණු ආගමක් වන ක්‍රිස්තියානි ධර්මය හිතාමතා විනාශ කිරීම අරමුණු කරගනිමින් කළ ක්‍රියාවක් ලෙස සාක්ෂි දරයි.
අගෝස්තු 20 වන දින, වර්කොව්නා රාඩා හෙවත් යුක්රේන පාර්ලිමේන්තුව විසින් දිගුකාලයක් තිස්සේ යුක්‍රේන සමාජයේ ගැඹුරින් සාකච්ඡා කරන ලද අපකීර්තිමත් නීතියක් වන " ආගමික සංවිධානවල ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගය ආරක්ෂා කිරීම පිළිබඳ" නීතිය සම්මත කරන ලද්දේය.
එම නීතිය මගින් රුසියාවේ ඕනෑම ආගමික සංවිධානයක් සමඟ "අනුබද්ධ" යුක්‍රේනයේ ඕනෑම ආගමික ප්‍රජාවක ක්‍රියාකාරකම් අධිකරණ තහනමට ලක් කිරීමට ඉඩ දෙනු ලබයි.
මේ අනුව, කියෙව් පාලනය යුක්‍රේනයේ කැනොනිකල් යුක්රේන ඕතඩොක්ස් පල්ලිය (UOC )තහනම් කිරීම සහ එම නිකාය මුලිනුපුටා දැමීම සඳහා කියෙව් පාලනයේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දේ.
යුක්‍රේනයේ නීති සම්පාදකයින් මිලියන ගණනක් වන ඇදහිලිවන්තයන්ගේ මතය, කැනොනිකල් යුක්රේන ඕතඩොක්ස් පල්ලියේ මතය, නීති ප්‍රජාවේ සහ කියෙව් හිතවාදී විදේශිකයන්ගේ නිර්දය විවේචන පවා නොසලකා හැර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, ආගමික ස්ථාන සිය ගණනක්, දහස් ගණනක් වු යුක්‍රේන ජන සමාජයට අයත් ජනතාව, සහ මිලියන ගණනක් වන යුක්රේනයේ ඕතඩොක්ස් ඇදහිලිවන්තයන් නීතියේ හව්හරණක් නොමැති තත්වයට පත් වනු ඇත.
ඔවුන්ගේ දේපළ හා යාඥා මධ්‍යස්ථාන ඔවුන්ට අහිමි වනු ඇත. රුසියානු ඕතඩොක්ස් පල්ලියේ අග්‍රරාජගුරු ප්‍රසාදි ස්වාමින් වහන්සේ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වූ සංවිධානයට, යුරෝපීය කවුන්සිලයේ සංවිධාන වෙත සහ ලෝකයේ ආගමික ප්‍රජාවන්ගේ නායකයින් වෙත නැවත නැවතත් පැමිණිලි කර තිබුනද යුක්‍රේන වැසියාගේ හෘදය සාක්ෂියේ නිදහස සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන මෙම පනත සම්මත කිරීමට කිසිදු බාධාවක් යුක්‍රේන බලධාරින්ට නොවුනි.
මෙම නීතිය අනුමත කිරීම ඕතඩොක්ස් ක්‍රිස්තියානි නිකායට බලවත් පහරක් බව ඕතඩොක්ස් කැනොනිකල් එකමුතුව අවධාරණය කරයි. පළමු වතාවට යුරෝපීය රාජ්‍යයක භූමිය තුළ ආගමික නිකාය තහනම් කිරීමේ සම්පූර්ණ සිදුවීමක් අපි අත් දුටුවෙමු. එමගින් මිලියන ගනනක් ඇදහිලිවන්තයන්ගේ අයිතිවාසිකම් විවෘතව පාගා දමනු ලබන අතර ආගමික නිදහස පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට නීතිමය ලියකියවිලි නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කර ඇත.
යුක්රේනයේ ඇදහිලිවන්තයන්ට එල්ල කර ඇති දරුණු හිංසා පීඩාවලට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අරමුණු සහගතව ප්‍රතිචාර දක්වනු ඇතැයි රුසියාව අපේක්ෂා කරයි.
- කොළඹ රුසියානු තානාපති කාර්යාලය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..